Keheli.lk

20% OFF

Heena nodakina jeewitha -හීන නොදකින ජීවිත

රු544.00

වත්මනේ හැම මනුෂ්‍ය ජීවිතයක් ම කාලාන්තරයක් තිස්සේ ජරාජීර්ණ ආණ්ඩුකරණයන් තුළ වෙහෙසට පත්ව තිබේ. කිසිම සමාජ සංස්ථාවක් නිරුපද්‍රිතව නැත. බලය වෙනුවෙන් මනුෂ්‍ය ජීවිතයක පැවැත්ම තීන්දු කරන අන්දම සාහසික ය. අපරාධයකට නීතිය ක්‍රියාත්මක වීමක් හෝ යුක්තිය ඉටු වීමක් විද්‍යාමාන නොවේ. අනෙත් පැත්තෙන් මනුෂ්‍ය සම්බන්ධතා බිද වැටෙන ‘ යුරු ශෝචනීය තත්වයක ය. මෙබඳු පසුබිමක මෙබඳු පසුබිමක නිර්මාණකරුවෙකුට හැම අවකාශයකදී ම අත්විඳින්නට ලැබෙන්නේ විවිධාකාර සමාජ දේශාපාලන – සංස්කෘතික හේතු සාධක මත විපරීත යථාර්ථයන් ය.
මේ කෙටි කතා සංග්‍රහයේ සියලුම කතා සමාජ දේශපාලන – සංස්කෘතික ක්ෂේත්‍රයන් විෂයෙහි අනුවේදනීය වූ සසලවීම් හා සහකම්පනය පාදක කර ගැනුණ ඒවා වේ. හැම කතාවක්ම පාඨකයා සමඟ තාර්කික පදනමක ස්වයං සංවාදයන් ගොඩ නැඟීමට අදාළ ‛කල්පනා’ උද්දීපනය කරන සුළු ය.
ජීවිතය, සමාජ බලවේග විසින් ද – සමාජය, විවිධාකාර දෘෂ්ටිවාද විසින් ද – ‘හසුරුවන අන්දම අනුවේදනීය වියමන් ඔස්සේ ඉදිරිපත් කරන මේ කෙටි කතා පාඨකයාගේ ජීවිතාවබෝධය පුළුල් කරන අභිප්‍රායෙන් රචිත ය.

Reviews

There are no reviews yet.

Be the first to review “Heena nodakina jeewitha -හීන නොදකින ජීවිත”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat