Harry Potter Saha Ada-Le Kumaraya-හැරි පොටර් සහ අඩ-ලේ කුමාරයා
රු3,150.00
ඒ, හොග්වාර්ට්ස් ඉන්ද්රජාලික සහ මායාකර්ම පාසැලේ හැරී පොටර් ගෙවන සයවැනි වසර යි. වොල්ඩමෝර්ට්ගේ දුෂ්ට බලවේග වර්ධනය වෙද්දී රට පුරා දොම්නස් අඳුර සහ බිය පැතිරී යයි. තමන්ගේ දෛවයට මුහුණ දිය යුතු කාලය එළැඹ ඇති බැව් හැරීට වඩ වඩාත් ප්රත්යක්ෂ වේ. ඉදිරියේ එන අභියෝගවලට මුහුණු දෙන්නට හැරී සමත් වේද?ජේ. කේ. රෝලිං විසින් ගොතන ලද ඒ අඳුරු, ඇදහිය නොහෙන දුෂ්කර, අනතුරු සහිත ජාලයෙහි ගැටලු ඇය ටිකින් ටික ලිහද්දී, හැරීගේත්, ඩම්බ්ලඩෝර්ගේත්, ස්නෙප්ගේත්, නිසැකව ම නම නොකිව යුතු අයගේත් සැබෑ ජීවිත පිළිබඳ තොරතුරු පාඨකයා හමුවට එයි….
දැඩි, අඳුරු, උනන්දු කරවන සුළු, මැනවින් ගෙතුණු කතාවකි.
-ඩේලි මේල්
මේ පොත් කාණ්ඩයේ හැම බලාපොරොත්තුවක්ම එල දැරීගෙන එයි. ඊලඟට කුමක් සිදුවන්නේදැයි නොඉවසිල්ලෙන් බලා සිටින පාඨක රසකාමීන්ට, චමත්කාරජනක ඉදිරිපත් කිරීමක් කතුවරිය විසින් කරනු ලැබ ඇත.
-සන්ඩේ ටයිම්ස්










Reviews
There are no reviews yet.