Haras paren asunu katahadak-හරස් පරෙන් ඇසුණු කටහඬක්
රු595.00
ප්‍රශ්නයක් නැ. නිකමට ඇහැවිවේ/ඔයාල දන්නව ද? මෙහෙන් ක්ලේමෝ එකක් දකුණට යවන්න සිංහල කෙනෙකුට රුපියල් පනස්දාහක් දුන්නම පුළුවත් සුසයිඩ් කිටි එකකට එක් ලක්ෂ හැත්තෑපන්දාහයි සිංහල අය අපට වැඩ කරන්නෙ එහෙමයි.”
සුසයිඩර් ටීම් එකේ අයට මෙහෙ ඔනෙ තැනක නිදැල්ල යන්න පුළුවන් හැම කඩේකින් ම කෑම, බීම නොමිලේ ගන්න පුළුවන්. එයාලට මිනිස්සු පුදුම විදිහට ගරු කරනවා.’
අතුරුදන් අමුත්තා
‘ ඒත් මෙක එහෙම එකක් නෙමේ නේ ඒ කුඩදාසි මිටියෙ අකුරු ඇතුළෙත් තවම කවුරුහරි හයියෙන් හුස්ම ගත්තසද්දයක් ඇහෙනව. පොඩි ළමයෙක් නිදි කරවන්න තාලෙට කියන ලලබ් එකක සද්ද ඇහෙනව. ගස් කෙදිරිගාන, පොළව ඉකි ගහන සද්දෙ ඇහෙනව. පතොක් පඳුරක කල්පෙකට පස්සෙ පිපෙන රෝස පාට මලක. පෙති හෙමින් දිග ඇරෙන සද්දෙ ඇහෙනව. ඒ විතරක් නෙමේ, අහසෙ එක පැත්තකින් ඉර පායාගෙන එනකොට පොඩි පොඩ් වලාකුළු කලබලෙන් එහාට මෙහාට දුවන සද්දෙ ඇහෙනව.
එහෙම සද්ද කවදාවත් ලෝකෙ කිසිම සුරංගනා කතාවකින් ඇහෙන්නෙ නැ. ලෝකෙ කිසිම වීර කාව්‍යයක. දෘෂ්‍ය කාව්‍යයක එහෙම සද්ද හුස්ම ගන්නෙ නෑ










Reviews
There are no reviews yet.