Gin gage vilapaya-ගිං ගඟේ විලාපය
රු405.00
සිංහරාජ අඩවියේ අවසාන කඳු ප්‍රාන්තයක සිට, නිම්න, කෙත්බිම්, හෙල්වැටි අතරින්, මිනිසුන්ගේ සුවඳ සොයා ගිං ගඟත් සමග ඔහුගේ කවිකම ගලා ආවේය. නන්දන වීරසිංහ කවියාගේ ගඟක් වන්. ඒ කවි මගේ පළමුවන ජයග්‍රාහී තීර්ථය මෙතැනයි.
දකුණු පළාතේ ගොවි බිම්වල වෙසෙන මවුපිය සහෝදරයන්ගේ ගේහසිත ජීවිතයේ, වියවුල් සහ දෝමනස් සසහගත ස්වභාවයත් ඔවුන්ගේ ආදරය සහ ප්‍රහර්ෂයන් දෙස නන්දන සිය මානවවාදී ඇසට කඳුළක් නගා ගෙන බලා සිටියි.
කාඩිය මෙන් කටුක වූ ජීවිතයේ වධ වේදනා චෂකය මිහිරි වන, පථ්‍ය වන දවස පිළිබඳ ප්‍රශ්න කිරීම ඔහුගේ ඉංගිතයක් තුළ රඳා පවතී. එහි අවශ්‍යතාව ඔහු ඥානනය කරයි.
හෘද ස්පන්දනයෙන් යුක්ත සංකල්පරූපත්, රූපාකාර්ථ දනවන වාගාලාපත්, ජන කවියට සමීප වන රිද්ම හා හැඩරුවත් ඔහු සිය ගමනට මෙවලම් කොටගෙන තිබේ.
කවියා අප අත ගෙන ආදරයෙන් කැටුව යන්නේ නව අරුතින් පිරුණු සුවඳ හමන මිනිස් වාසයක් වෙතය.
රත්න ශ්‍රී විංජ්සිංහ










Reviews
There are no reviews yet.