Gata Pichcha – ගැට පිච්ච
රු2,475.00
අවුරුදු ගණනාවක් හිතේ පොදි බැන්ද ආදරේ තමන්ට අයිති වෙද්දී දැනෙන හැඟීම වචනයකින් මෙහෙමයි කියන්න බැහැ. ඒ ආදරේට තුරුල් වෙලා තමන්ට අයිති පිරිමි පපුවේ හද ගැස්ම ඇහෙද්දි සතුටු කදුළු එන එක අහන්නත් දෙයක්ද? ඒ සතුටු කදුළුවත් තමන්ගේ ඇස්වලින් එනවට අකමැති මුරණ්ඩු අයිතිකාරයෙක් ආදරෙන් තුරුල් කරන් ආදරේ දෙනකොට පපුව ඉල්ලන්නේ ඒ තුරුලේම මේ සංසාර ගමනේ අවසන් කාලයෙත් ඉන්නයි.
“පොරොන්දු වෙනවා මං… ලස්සන අවසානයක් දෙන්න…
-අක්නුල කේශව් වාසලබණ්ඩාර-
මුරණ්ඩු හදවත ආදරේ කරේ අහිංසක හිතකටයි. සතුටකදීවත් ඒ ඇස්වල කදුළු දකින්න කැමති නැති, වචනයකින්වත් බොරුවක් කරන් තැති ඔහු දුන්න පොරොන්දු රකින්න හුස්ම ගත්තා. වයලීන් හඩකට නිවුන ඔහු, වයලීන් හඬේ අයිතිකාරයාගෙනුත් නිවුණා. ඒ දුඹුරු ඇස්වලින් දඩබ්බර ඔහු නිවුණා.
“උඹ පොරොන්දු රකින් නැතුව ගියාට, මට බැහැ මැණික පොරොන්දු කඩන්න… පොරොන්දු කැඩුවම ඒ දැනෙන වේදනාව මම දැන් හොදටම විඳිනවා. ඒ වේදනාව හරි ලස්සනට උඹ මට පෙන්නලා දිලා ගියා. ඒ වේදනාව දැන දැන මං කොහොමද උඹට වුණ පොරොන්දුව කඩන්නේ”
-යාතෙව් අක්ෂර සස්දිව් වික්රමසිංහ –
පොරොන්දු වුණා දෙන්නම අවසානයේදී මොන දේ වුණත් එකට ඉන්න බවට. දෙදෙනාගෙන් පොරොන්දු රැක්කේ එක්කෙනෙක් ම විතරක්ම වුණේ උහුලන්න බැරි පීඩනයකින් තවත් කෙනෙක් දුන්න පොරොන්දුව කැඩුව නිසා. හුස්ම අරන් කෙනෙක් යද්දි තවත් කෙනෙක් හුස්ම අරන් පොර බැන්දා දුන්න පොරොන්දුව රකින්න.








Reviews
There are no reviews yet.