10% OFF
Garasarapa-ඝරසරප
රු1,440.00
කොහේදෝ නැති අනෝරා වැස්සක් නුගේගොඩ අහසින් වැටෙමින් තිබුණේය. යුවතිය සෙනග අස්සේ ඉදිරියට දිව ගියාය. ඇය දිව යන්නේ කොතනින් කොහොටද කියාවත් යුවතියට අදහසක් නොවුණේය. අඩු තරමින් ඇය මාවත මධ්‍යට දුව ගියා කියාවත් ඇයට සිහියක් නොතිබුණේය. අධික වාහන තදබදය අස්සේ ඇය වාහන අතරින් රිංගා ඉදිරියට දිව ගියාය. හයි ලෙවල් පාරේ වේගයෙන් ධාවනය වූ ටොයෝටා ප්‍රිමියර් සුදු පැහැ රථයේ උන් මන්දිව් යුවතිය හදුනා ගත්තේ පමාවේය. වේගයෙන් දුව ආ යුවතිය දෛවයේ උවමනාවටදෝ දෙවැනි වතාවටත් ඔහු ගමන් ගත් මගට පැන්නාය. මන්දිවේ තිරිංග තදකරේ කුණුහරපයක්ද කියමිනි. ඒ වෙද්දීත් යුවතිය ඔහුගේ රථයේ යාන්තමට හැපී පසෙකට විසිව වැටුණාය. එහෙත් වැටෙද්දී වත් ඇය සිය අතෙහි මිරිකාගත් මහිමගේ දුරකතනය හෝ චිපය අතහැරියේ නැත.








Reviews
There are no reviews yet.