Keheli.lk

10% OFF

Ganikawo – ගණිකාවෝ

රු1,080.00

මේ සමාජ විද්‍යාව, මනෝ විද්‍යාව සහ ඉතිහාසය සංකලනයෙන් නිපන් විධික්‍රමයක් අනුව ගණිකා වෘත්තිය පිළිබඳව ඉදිරිපත් කරන ශාස්ත්‍රීය විවරණයකි.

ඇතැමකු මෙය උඩින් පල්ලෙන් කියවා ගත්කරු අවමානයට ලක් කිරිමට පවා ඉඩ ඇත. එය කල් ඇතිව ම අවබෝධ කර ගත් කතුවරයා පුරුෂාධිපත්‍යවාදී සහ ආගමික දෘෂ්ටිවාද, ප්‍රාථමික මිථ්‍යා විශ්වාස සහ අභිචාර විධි හිසින් ගත්තවුන්ගේ පූර්ව විනිශ්චයන් බැහැර කිරිමට අවශ්‍ය පසුබිම් නුවණ ලබා දෙමින් කෘතිය සම්පාදනය කර ඇති බව පෙනේ. එහි ලා විශේෂයෙන් ම වැදගත් වන්නේ ඉතිහාසය පුරා කාන්තාව හෙළා දකිමින් දක්වා ඇති සාවද්‍ය සංකල්පනා බැහැර කිරීමයි. ගණිකා වෘත්තියට විරුද්ධ සියලු ව්‍යාපාර අසාර්ථක වීමේ රහස් මේ පොතින් පෙන්වා දෙයි.

මිනිසුන්ගේ කාමාස්වාදයෙහි ජීව විද්‍යාත්මක මෙන් ම මනෝ විද්‍යාත්මක පදනමක් ද තිබේ. මිනිස් ආදරයේ උපරිමය ශාරිරික එක් වීමයි. අනිත් අතට ශාරිරික එක්වීම හේතුවෙන් ආදරයක් වර්ධනය වෙයි. විවිධ සාහිත්‍ය කෘති ඇසුරෙන් මෙන් ම විද්‍යාත්මක නිරික්ෂණ ද ඇසුරෙන් මේ කරුණු ගුණසිංහ හේරත් මහතා අපට පෙන්වා දෙයි. වාත්ස්‍යායනගේ කාම සූත්‍රය වැනි භාරතීය ග්‍රන්ථ රාශියකින් එක්රැස් කර ගත් මහත් ඥාන සම්භාරයක් මේ පොතෙන් ඔබ හමුවේ දිග හැරෙන්නේ ආදරය, කාමය සහ ලිංගිකත්වය ගැන සිංහල පාඨකයන්ට මින් පෙර කියවත්තට නොලද තොරතුරු රැසක් පිරිනමමිනි.

මේ ශාස්ත්‍රීය විවරණය සැපයීම පිණිස හේරත් මහතා දීර්ඝ කාලයක් තිස්සේ පොත් සිය ගණනක් කියවා ඇති බව පෙනී යයි. ඒවායින් උකහා ගත් කරුණු පාදක කරගෙන මේ විෂය පිළිබඳව ගැඹුරු ලෙස සිය විචක්ෂණය මෙහෙයවා තිබේ. කතුවරයාගේ ඇතැම් අදහස් අභියෝගාත්මක ය. එහෙයින් ඇතැම් පාඨකයන් මෙහි එන සමහර අදහස් එක්වර පිළි නොගෙන තව දුරටත් ප්‍රශ්න කරන්නට කැමැති වනු ඇත. කතුවරයාගේ අපේක්ෂාව ද 21 වැනි සියවසේ පාඨකයා හුදු සම්ප්‍රදාය තුළ සිරකරුවකු කරන්නට නොව අලුතෙන් සිතන්නට හැකි ප්‍රගතිශීලී චින්තකයකු කිරිම ය. එහෙයින් මේ පොත කියවා බලන්න.

Reviews

There are no reviews yet.

Be the first to review “Ganikawo – ගණිකාවෝ”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat