Keheli.lk

20% OFF

Gamananthaya – ගමනාන්තය

රු1,080.00

ඇගේ වරලසෙහි පහස ඔහුගේ නළලට දැනෙයි.ඇයගේ කම්මුල් සඳුන් සබන් සුවඳ ය. ඔහු ඇයගේ ගෙල පාමුල වූ අවපාතය සිප ගත්තේ ය. ඇයගේ සිරුරෙන් විහිදුන සඳුන් සබන් සුවඳ ඔහුට ප්‍රිය සම්භාෂණයක් ම විය. “ඔයා හරි සුවඳයි” ඔහු කීවේ ය. “මම ඔයාගෙ දාසයා වෙන්නම්. ඔයා මට කරන්න කියන ඕනැ දෙයක් මං කරන්නම්. මේ ලෝකෙ තියෙන ඕනැම දෙයක් මං ඔයාට අරන් දෙන්නම්” ඔහු හැසිරුණේ මෝඩයෙකු පරිද්දෙනි. ඇය මොහොතක් ගත වනතුරු ම ඇඹරී ගැලවෙන්නට හැදුව ද ඒ සමඟ ම ඔහුගේ ස්පර්ශකාමයනට ප්‍රතිචාර දක්වන බවක් ද පෙනිණි. ඔහු ඇයගේ ළැම මත හිස හොවාගෙන නිසොල්මනේ ම සිටියේ ය. මේ මොහොතේ මුවින් පිටවන වදනකින් පවා මේ දැන් දැනෙන පාරිශුද්ධත්වය කෙලෙසෙන්නට ඉඩ ඇති බව ඔහුට වැටහිණි. එය සහමුලින් ම අන්ධකාරයට අයිති රැයකි. ගහ කොළ, අතු ඉති සුළඟට සෙලවෙන හඬ ඇසේ. පළඟැටියන්ගේ, නිශාචර කෘමින්ගේ ඒකාකාර නාදය නොකැඩී, නොබිඳී ගලා යයි. තරු එළිය, සඳ එළිය ගැන යමක් කියන්න ඔහුට උවමනා ය. එහෙත් ඔහුට දැනුණේ දිව සෙලවිය නොහැකි බවයි. මේ මොහොතේ ඔහුට දැනෙන එකම අර්ථවත් දෙය ඔහුගේ සිරුර අසල හුස්ම ගන්නා ඇයගේ සිරුර පමණි.

Reviews

There are no reviews yet.

Be the first to review “Gamananthaya – ගමනාන්තය”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat