Keheli.lk

10% OFF

Diwyashinsana 2 – දිව්‍යාශිංසන 2

රු1,890.00

සන් ලං නම් වූ මනබන්දනීය යෞවනයා වනාහි සියලු ස්වර්ගීය දෙව්වරුන්ගේ නොමනාපයට පාත්‍ර වූ, චතුර් මහා විපර්යාය නාම ලාභී, කුප්‍රකට අසුර රජ හුආ චෙංම බව ෂිඑ ලියාන් සහතික කොට ගත්තේය.
එහෙත් තවමත්, කතාන්දරවල සිටින බිහිසුණු අසුරයාත්, තමාට හමු වූ සුහුරු, ආකර්ෂණීය, රක්ෂක ගුණයෙන් හෙබි යොවුන් තරුණයාත් අතර ගැළපීමක් දැකීමට ඔහු අපොහොසත් වී තිබිණි.
මේ අතර, අනපේක්ෂිත අනතුරු සංඥාවක් හේතුවෙන් භූතපුරය වෙත යාමට ෂිඑ ලියාන්ට මඟ හෙළි වේ. මළවුන්ගේ ලොවෙහි සියලු භයංකාරයන් සහ ආස්වාදයන් කැටි වූ මේ ජනාකීර්ණ පුරවර පෙදෙසෙහිදී, හුආ චෙංගේ නිජබිම වූත් බලප්‍රදේශය වූත් භූමියෙහිදීම ඔහු දැකගැනීමට ෂිඑ ලියාන්ට අවස්ථාව එළැඹේ. පළමුවරට, හුආ චෙංගේ සැබෑ ස්වරූපයද ඔහු අබියස නිරාවරණය වන්නේය.
එනමුත්, ඔවුන් අතර වූ සමීප බැඳීම සහ කුලුපගභාවය කොතෙක් වුවත්, පරිපූර්ණ කළ යුතු ක්‍රියාදාමයන්ද, හෙළිකරගත යුතු රහස්ද බොහෝය. එපමණක් නොවේ, ෂිඑ ලියාන්ගේ ශතවර්ෂ ගණනාවක් පැරැණි, අන්ධකාර අතීතයද නුදුරේදීම හෙළිවන ලකුණු පහළ වී ඇත්තේය.

Reviews

There are no reviews yet.

Be the first to review “Diwyashinsana 2 – දිව්‍යාශිංසන 2”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat