Keheli.lk

20% OFF

Dinosar beeshanaya-ඩයිනෝසර් භීෂණය

රු800.00

”ඔයාට මේ ඩයිනෝසර් රහස සදාකාලයටම හංගාගෙන ඉන්න ලැබෙන්නේ නෑ. මොකද ට්‍රිසෙරාටොප්ස් කියන්නේ කොම්ප්සග්නාතස් වගේ පුංචි, සුරතල් ඩයිනෝසරයෝ වර්ගයක් නෙවෙයි. මේ ඉන්නේ තවම වැඩුණු සතුන් නෙවෙයි.’’

”ඔයා කොහොමද ඒ ගැන දන්නේ මෙයිසි ?’’

”ඒ අයගේ තියෙන අං සහ වරල් ගැන බැලුවම මට එහෙම හිතෙනවා. ඒවා හරියට වැඩිලා නෑ. ඒ කියන්නේ මේ ඉන්නේ ඩයිනෝසර් පැටව්.’’

දැන් ඔවුන් එළිමහන් බිම කරා පිවිස සිටිති. විල අද්දරට වඩා වනාන්තරය තුළ සීතල වැඩිය. උස් ගස් නිසා හිරු එළිය කෙලින් ම පොළවට පතිත නොවේ. ”ඒ කියන්නේ මේ ඩයිනෝසර් පැටව් දෙන්නා තවත් ලොකු වෙනවද ?.”

වයලට් නැවත ඇසීය. හිස සොළවා ඔව් යැයි පැවසූ මෙයිසි මෙසේ පැවසීය

”ඔව්. ඒ වගේම මේ අයට ජීවත් වෙන්න මීට වඩා ලොකු පරිසරයකුත් ඕනෑ වෙනවා. කෑම, බීම වුණත් විශාල ප්‍රමාණයක් ඕනෑ.’’

Reviews

There are no reviews yet.

Be the first to review “Dinosar beeshanaya-ඩයිනෝසර් භීෂණය”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat