Digamadulu Binthanne Sampradaika Ahara – දිගාමඩුලු බින්තැන්නේ සාම්ප්රදායික ආහාර
රු585.00
සිංහලයාට උරුම වූ ජානමය උරුමයන් වූ දේශීය ආහාර රටාවෙන් ඔවුන් බැහැරවීම නිසා ඔවුනට උරණ වූ සොබා දහම මෙතෙක් හඳුනාගත නොහැකි වූ ලෙඩ රෝග ඇතුළු රෝගාබාධ රැසක් තිළිණ කර ඇත. වයස දහය දොළහේ දරුවන් පවා දියවැඩියාව, රුධිර පීඩනය, කොලෙස්ටරෝල් ආදි ලෙඩරෝගාබාධවලට ලක්ව ඇත. වඳ බව තවත් දඬුවමකි. පිළිකා, හන්දි ඉදිමීම, තරබාරුව තවත් පැත්තකින් දඬුවම් කරයි.
මේ තත්ත්වය තේරුම් නොගත් බොහෝ දෙනෙක් තවමත් වැරැදි ආහාර පසුපසම එළවති. දැන හෝ නොදැන කරන මේ දෙයින් විපතට පත්වන්නේ රටේ ජීවනාලිය වන දරු පරපුරයි.
එදා විසූ පැරණි ගැමියන් වැළඳූ ආහාර වල රස ගුණ අපමණය. ඖෂධීය ගුණයෙන් යුතු පහසුවෙන් සාදා ගත හැකි එවැනි සාම්ප්රදායික ආහාර පාන හා වර්තමානයට ගැළපෙන ලෙස සකස්කර ගත හැකි ආහාර පාන, කැඳවර්ග, රස කැවිලි රැසක් ගැන මේ කෘතියෙන් තොරතුරු හෙළි කරයි. එමෙන් ම ආහාර සංස්කෘතියට ගැනෙන සිරිත් විරිත් ද ජනශ්රැති ද මෙමගින් ඉදිරිපත් කර ඇත









Reviews
There are no reviews yet.