Dedunu balakaya – දේදුනු බළකාය
රු1,275.00
පන්ති විෂමතාවෙහි ගොදුරු බවට පත් පීඩිත දරුවන් පිරිසක් සහ ඔවුන්ට ලෝකයට කවුළු විවර කර දීම සිය ජීවන පරමාර්ථය කරගත් ගුරුවරයෙක් මෙන්ම තුරුණු ගුරුවරියකගේ නොපසුබට උත්සාහය අපූර්ව ලෙස චිත්‍රණය කරනා මේ කෘතිය රචකයාගේ ජීවිත පුවත මෙන්ම ඒ හා බැඳුණු පුළුල් සමාජ කියවීමක් ද පාඨකයාට තිළිණ කරනා සංවේදි අන්දරයකි. විවිධ කුසලතාවන්ගෙන් පොහොසත්, ආර්ථික පීඩනයෙන් දරුණු ලෙස බැටකමින් ඒ අතරම බලය සහිත පන්තියේ නොතකා හැරීම්වලට සහ අසාධාරණයන්ට ලක් වෙමින් වුව මේ දරුවන් තම දෙපයින් නැගී සිටීමට සහ ආත්මානුකම්පාවට හෝ අපේක්ෂා භංගත්වයට යට නොවී සිය අභිමානය රැක ගනිමින් පෙරළා සමාජයට අභියෝග කරන්නට දරන තැත සමස්ත කතාවම බැඳ තබනා හුය බවට පත්ව තිබේ.
අධ්‍යාපනය අර්බුදයක් බවට පත්ව ඇති අප රටෙහි දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ට ද මේ ඉන්දුනීසියානු දරුවන්ගේ අත්දැකීම ඉතා වටී. සාමූහිකත්වය, තමන් මත පටවනු ලබනා පරාජයට එරෙහිවීමට ඇති ධෛර්යය, නිර්මාණශීලිත්වය, සහෝදරත්වය, අන්‍යෝන්‍ය බැඳීම සහ ඒ සියල්ලටමත් වඩා පීඩිතයාට ස්වකීය අනාගතය පැහැබර කරගැනීමට ඇති අසීරුව විදහා පෙන්වන දේදුනු බළකාය මනුෂ්‍යත්වය වෙනුවෙන් කරනු ලබනා සංවේදී හඬ මුරගෑමකි.
මේ කෘතිය සැලකෙනුයේ කාලිඩ් හොසෙයිනිගේ සරුංගල් ලුහුබඳින්නා ඇෆ්ගනිස්ථානයට ඇති කළ බලපෑම හා සමානව ඉන්දුනීසියාවට බලපෑ නිර්මාණය ලෙසිනි.







Reviews
There are no reviews yet.