Dadayakkara quartermen-දඩයක්කාර ක්වාටර්මෙන්
රු270.00
“ඉක්බිති ව ඈ එක් දිගු කෑ ගැසීමක් ද සමඟ සිය හෙල්ලයත් ඉදිරියට නෙරවා ගෙන, මුව දෙනක පනින ආකාරයෙන් සතුරු පිරිසෙහි මධ්‍යයට ම පැන්නා ය. ඇය ගේ මේ පිනුම දුටු බුතියානා සෙබළුන් වෙතින් නැංවුණේ පර්වත ප්‍රාන්තවල හැපී ගිගුරුම් දුන් මහා ඝෝෂයකි. එක් පොදියකට රැස් වුණු ඔවුහු, සුළඟෙහි ලෙළ දුන් ඇගේ ධවල සාළුව පිටුපසින් සතුරන් මධ්‍යයට ම පැන්නෝ ය. මේ සමඟ ම මටුකුවන් බිම ඇද වැටෙන්නට ගත්තේ සුළි සුළඟක් හමුවේ ඉදිරි වැටෙන ගස් විලාසයෙනි. එ වැනි ප්‍රබල ප්‍රචණ්ඩ ප්‍රහාරයකට කිසි ම හමුදාවකට මුහුණ දෙන්නට බැරි ය. එම ප්‍රහාරය ඉවුරු කඩා ගෙන ගලන මහා ජල ප්‍රවාහයකට සමාන විය. ඒ සෙබළ පිරිසේ ඉදිරි ගමන හමුවේ ඉදිරියෙන් හා දෙපසින් පොදි කමින් සිටි සතුරෝ කෙසෙල් කඳන් මෙන් බිම පතබෑවුණ හ. ඒ මහා විනාශයේ උදම් තරංගය ඉදිරියෙන් මයිවා ගේ ධවල සාටකය ලෙළ දෙමින් ගමන් කළේ ය……’
Out of stock









Reviews
There are no reviews yet.