10% OFF
Chaterli aryawage pemwatha-චැටර්ලි ආර්යාවගේ පෙම්වතා
රු1,620.00
ඩී.එච්. ලෝරන්ස් විසින් රචිත Lady Chatterley’s Lover විසිවැනි සියවසේ බිහි වූ වඩාත්ම ආන්දෝලනාත්මක කෘති කිහිපය අතරින් එකකි. ප්‍රකාශයට පත් වූ වහාම අසභ්‍ය කෘතියක් ලෙස සලකා මහා බ්‍රිතාන්‍යයේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ තහනමට ලක් වන මෙම කෘතිය සාහිත්‍යයේ ප්‍රමිතිය සහ ප්රකාශනයේ නිදහස පිළිබඳ ලෝක ප්‍රකාශන ඉතිහාසයේ එතෙක් මෙතෙක් සිදු වූ ප්‍රසිද්ධම සහ විශිෂ්ටතම නඩු විභාගයකට පසුබිම සැපයී ය.විසිවැනි සියවසේ ලෝක සාහිත්‍යයේ විප්ලවීය පරිවර්තනයක් සිදු කළ මෙම ඉංග්‍රීසි සාහිත්‍ය කෘතිය කාර්මික ධනවාදය සහ පන්ති ක්‍රමය විසින් දූෂණය කර යකඩ සහ ගල් අඟුරුවලට යට කරන ලද මිනිසා සහ සොබා දහමේ ඛේදවාචකයත්, වික්ටෝරියානු සදාචාරය විසින් බුද්ධිමය මනස හා අසභ්‍ය සිරුර ලෙස වෙන් කරන ලද මානව ලිංගිකත්වයේ සහ ආදරයේ ඛේදවාචකයත් ගැන කෙරෙන අපූරු විමසුමකි.







Reviews
There are no reviews yet.