*** 2022 ස්වර්ණ පුස්තක සම්මානය සඳහා නිර්දේශිත නවකතාව ***
Chakrawarthi – චක්රවර්තී
රු1,120.00
*** 2022 ස්වර්ණ පුස්තක සම්මානය සඳහා නිර්දේශිත නවකතාව ***
ඔහුට නිදන්නට පිල්කඩ සූදානම් කළ ඇය පැල ඇතුළේ කළුවරේ ම රෙද්දක් බිම එළමින් සිටියේ ඇයට නිදන්නට ය. ඔහු සෙමින් විත් පිලපිට පැදුර මත එලූ ඇතිරිල්ලේ වැතිර ගත්තේ ය.
රාත්රිය මෝරමින් තිබිණි. දැවැන්ත පලු කොටයේ රත් පැහැ ගිනි අඟුරු දිදුලන්නට විය. මෝරන සඳමඬල විසින් විසුරුවා දමනු ලැබ තිබූ ළා සඳරැස් පිල්කඩ මත ඇතිරිල්ලක් අතුරා ඇතිවාක් මෙන් ය. ගිනි මැලයේ රක්තාලෝකය ද එතැනට යාන්තමින් එළිය දෙන රෑ පහනක් මෙන් විය. හී හීතලක්ද දැනෙමින් තිබිණි. උඩුබැලිව වැතිරුණු ජයතු බණ්ඩා බලා සිටියේ යාන්තමින් සඳදිය උතුරන ළා සඳමඬල දෙසය. සිතුවිලි
නොසන්සුන්ය. නින්ද අහලකවත් නැත. එහෙයින් නොසන්සුන් සිත දමනය කරගන්නා භාවනාවක් ඔහු අත්හදා බලන්නට පටන්ගත්තේ ය.
යාන්තමින් දෑස පියවීගෙන එද්දී සැවැන්දරා සුවඳක් සමග කිසිවෙක් තමාට නුදුරින් වැතිරුණු බවක් ඔහුට දැනිණ. එක්වරම ඔහු අත ගියේ පැදුර යට සැඟවූ කිනිස්ස වෙතය.
“ඇතුළෙ කළුවරයි අයියණ්ඩි.. මට බය හිතුණා..” ඒ හඬ සිහින් කෙඳිරියක් මෙන් විය.
කොහේදෝ සිට පාව ආ වලාකුළකින් ළා සඳමඬල වැසී ගියේය.









Reviews
There are no reviews yet.