Baterfeild Mandiraya-බටර්ෆීල්ඩ් මන්දිරය
රු1,190.00
සිබිල් හා බ්ලේක් ග්‍රෙගරි තමන්ගේ දරුවන් නව යොවුන් වියේ පසු වෙන ඇන්ඩෲ හා කැරොලයින් සහ හය හැවිරිදි චාලි උස් මහත් කරමින් මනා පිළිවෙලක් ඇති, සාමාන්‍ය ජීවිතයක් ගත කරති. ඇය දක්ෂ අභ්‍යන්තර සැලසුම් නිර්මාණ ශිල්පිනියක් හා කෞතුකාගාර උපදේශකවරියකි. ඔහු අධිතාක්ෂණික ක්ෂේත්රයේ ආයෝජකයෙකි. සැන් ෆ්රැන්සිස්කෝවල පිහිටි අලුතින් පටන් ගන්නා සමාගමක ප්‍රධාන විධායක නිලධාරියා ලෙසින් බ්ලේක්ට ඉතාමත් හොඳ රැකියා අවස්ථාවක් ලැබෙන විට ඔහු තමන්ගේ බිරිඳගේ අදහස නොව්මසාම එයට කැමැත්ත පළ කර, ඔවුන්ගේ අලුත් නිවෙස ලෙසින් පැසිෆික් හයිස්වල පිහිටා ඇති විශාල, පැරණි මන්දිරයක් මිලට ගන්නේය.
අවුරුදු සියයකට කලින් ඒ මන්දිරයේ වාසය කළ විසල් පවුල ඔවුන්ට මන්දිරය තුළදී මුණ ගැසීමත් සමග අතීතය හා වර්තමානය එකිනෙක ගැටෙන්නේය. ඔවුන් බොහෝ කාලයකට පෙර මිය ගොස් තිබුණත් ඔවුන්ගේ ආත්ම තවමත් ජීවත් වෙයි. ග්‍රෙගරි පවුලේ සාමාජිකයන්ට හැර වෙනත් කිසිම කෙනෙකුට ඔවුන් නොපෙනෙයි. මේ මායා බලයක් ඇති මන්දිරය තුළ 1917 මෙන්ම එයින් සියවසකට පසු එලඹුණු වර්තමානයද පවතින්නේය. ආදරණීය මිතුරන්, අතීතයේ ජීවත්වීමට අවස්ථාවක් හා අනාගතයට මුහුණ දීමට ඕනෑ කරන නුවණ සහිත ඉතාමත් වටිනා තිළිණයක් ග්‍රෙගරි පවුලට ලැබී ඇත්ද?
Out of stock








Reviews
There are no reviews yet.