Keheli.lk

10% OFF

Budu Dahama saha Buddagama – බුදු දහම සහ බුද්ධාගම

රු927.00

බුදු දහම මිනිසා හෝ ලෝකය දෙවියන් විසින් මවන ලද බව හා මිනිසාගේ විමුක්තිය මෙන්ම, සැප හෝ දුකද දෙවියන්ගේ කැමැත්ත මත සිදුවේය යන දේවවාදී මතයන්ද සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන ලදී. එනමුත් ලාංකේය බුදු සාමය දේවවාදී ලක්ෂණ රැසකින් මෙන්ම, ඊට අමතරව භූත බලවේගයන්ද විශ්වාස කිරීම දක්වා වෙනස් වීමෙන් මුල් ධර්මයේ අපේක්ෂාවන්ගෙන් මෙන්ම, බුදුන් විසින් පනවන ලද ප්‍රමිතීන්ගෙන්ද හානිකර අන්දමින් වෙනස් වී ඇති බවද,

කර්මය සහ කර්ම ඵල පිළිබඳ බෞද්ධ විග්‍රහයට අනුව, කර්මයක් කිරීමෙන් පසු, එම කර්මය කළ තැනැත්තාට එහි ප්‍රතිඵලය තමන් කැමති පරිදි ආයෝජනය, හෙවත් හැසිරවීම කළ නොහැකි බවද,

නිර්වාණාවබෝධය ශීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිවිධ ශික්ෂා මාර්ගයෙන්ම ලැබිය යුතු බවත්, පුද පූජා සහ වන්දනා ක්‍රම එම ශික්ෂා මාර්ගයට ඇතුල්වීම සඳහා පමණක් යොදාගත හැකි බවද,

යහපත් ක්‍රියාවකින් ජනිත වන පින කුසල ගුණාංග වැඩීමට උපකාර කර ගැනීම හැර, පින් එකතු කිරීමෙන් නිවන් ලබා ගත හැකි යැයි කර්ම දර්ශනය වැරදි ලෙස අර්ථ කථනය කිරීම නිසා සසර අතරමං වන බැතිමතුන්, සරණාගතයන් වීමෙන් වළකා ශීල, සමාධි, ප්‍රඥා මඟට ඇතුල් කරගත හැකි බවද,

මෙම ග්‍රන්ථයෙන් පැහැදිලි වේ.

Reviews

There are no reviews yet.

Be the first to review “Budu Dahama saha Buddagama – බුදු දහම සහ බුද්ධාගම”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat