Keheli.lk

10% OFF

Bandara Dewiwaru – බණ්ඩාර දෙවිවරු

රු450.00

සිංහල දේව ධූරාවලියෙහි කැපී පෙනෙන සංරචකයක් ලෙස බණ්ඩාර දේව සංකල්පය හැඳින්විය හැක. සැබැවින්ම බණ්ඩාර දෙවිවරුන් වන්නේ කවුද?

ඔවුන් බණ්ඩාර නම් සුවිශේෂී පෙළපත් නාමයෙන් හැඳින්වන්නේ ඇයි යන කරුණු පිළිබඳ ප්‍රමාණවත් විමර්ශනයක් තවම දක්නට නොලැබේ.

දෙවියන් පිළිබඳ ලියවුණු කෘති රාශියක් පැවතුණ ද උක්ත ශාස්ත්‍රීය කාරණය පිළිබඳ ප්‍රමාණවත් අවලෝකනයක් සිදු නොවීම සැබවින්ම මෙරට දේව සාහිත්‍යයේ කැපී පෙනෙන ඌනතාවයකි.

මෙම කෘතිය එහිලා පුරෝගාමී වන මග පෙන්වීමක් සිදුකර තිබීම සැබවින්ම ප්‍රශංසනීයයි. බණ්ඩාර දෙවිවරුන් වන්නේ කවුද යන්න මෙහිදී පුළුල් ලෙසත් සංසන්දනාත්මකවත් සාකච්ඡාවට ලක් කර ඇත.

ලක්දිව පුරා විසිරී සිටින බණ්ඩාර දෙවිවරුන් පිළිබඳ මුල්වරට සමස්ත එකතුවක් දක්නට ලැබෙන මෙම කෘතිය ඒ පිළිබඳ වැඩිදුරටත් පර්යේෂණ කරන විද්‍යාර්ථයන්ට කදිම මග පෙන්වීමක් ලබා දෙන කෘතියක් ලෙස හැඳින්විය හැකිය. මෙම කෘතිය සිංහල පාඨකයා වෙත ප්‍රදානය කිරීමෙන් කතුවරයා කර ඇත්තේ ශ්‍රී ලාංකේය දේව සාහිත්‍ය හා ජනශ්‍රැතිය පිළිබඳ පුරෝගාමී මෙහෙවරකි.

Reviews

There are no reviews yet.

Be the first to review “Bandara Dewiwaru – බණ්ඩාර දෙවිවරු”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat