Keheli.lk

10% OFF

Awasan Prarthanaya – අවසන් ප්‍රාර්ථනය

රු1,665.00

පෝලන්ත සාහිත්‍යයේ අසහාය කෘති පෙළක් ලෙසින්, ආන්ද්‍රෙයි සප්කොව්ස්කි නම් රචකයාගේ පන්හිඳෙන් බිහි වූ විචර් පොත් පෙළ, ෆැන්ටසි ශානරයේ ඉහළම තැනක නම් දරන කතා මාලාවකි. අමෙරිකානු, බ්‍රිතාන්‍ය සාහිත්‍ය සමඟ කරට කර හිඳින්නට සමත් වූ ආන්ද්‍රෙයි සප්කොව්ස්කිගේ විචර පොත් මාලාව ඇසුරින් නිමැවූ විචර් පරිගනක ක්‍රීඩා මාලාව මෙන්ම, මෑතකදී NETFLIX ආයතනයෙන් නිර්මාණය කළ කතා මාලාවද පාඨක, රසික ප්‍රජාව වැළඳගත්තේ ඉමහත් ආදරයකිනි.
භීමරූපීන්ගෙන් අඩුවක් නැත්තා වූ ලොවක, මනුසතුන්ද නුහුගුණ රකින කල කුමක් වනු ඇත්ද?එවන් ලොවක දෛවයේ සෙවණැලි අතරින් ඉපිද, දෛවයේ ලියැවුණු අන්දමටම භීමරූපීන්ගෙන් ලොව මුදවා ගනු වස් රිදී අසිපත දෑත දරා ගත්, විචර්වරයෙකි, රිවියා හි ගෙරල්ට් වරෙක හේ, රිවියා හි සිට ආ මහා ධවල කේශර විචර්වරයෙකි. වරෙක හේ, බ්ලැවිකන් හි වියරු ඝාතකයෙකි.
දෛවය විසින් තමා ඉදිරියට ගෙන එනු ලබන භීමරූපීන් හා ගැටෙන අතර, තමාවම වට කර ගත් මහා චණ්ඩ සුළි කුණාටුවෙන් මිදීමට ඔහුට හැකි වනු ඇත්ද?කළු සුදු චරිත අතර කළුත් නැති, සුදුත් නැති, අළු චරිතයක් ලෙසින් මානුෂිකත්වයත්, අමානුෂිකත්වයත් අතර දෝලනය වන රිවියා හි ගෙරට්ගේ දෛවෝපගත චාරිකාවේ ඇරඹුමයි මේ!

Out of stock

Reviews

There are no reviews yet.

Be the first to review “Awasan Prarthanaya – අවසන් ප්‍රාර්ථනය”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat