Keheli.lk

15% OFF

Athinage Salakuna-ඇතීනාගේ සලකුණ (RICK RIORDAN)

රු1,657.50

පර්සි ජැක්සන් සොයා නව රෝමයට යන ඇනබෙත්ට රෝමවරුන්ගේ විශ්වාසය දිනාගැනීමට හැකිවුවත්, ලියෝගේ අත්වැරදීමක් හේතුවෙන් රෝමවරුන්ගේ කෝපයට ලක්වීමට සිදුවේ.
අනාවැකිය අනුව මරණයේ දොරටුව වසා, රෝමය විනාශ කිරීමට සැරසෙන මහී දෙවඟන ගයියා අවදි කරවීමට යෝධයන් දරණ උත්සාහය නතර කිරීමේ අරමුණින් ගවේෂණයක නිරත වන උපදෙවිවරු පිරිසට නොසිතූ විරූ අනතුරුවලට මුහුණ පෑමට සිදුවේ. මේ අතර යෝධයන් විසින් හේල්ගේ සොහොයුරු නිකෝ පැහැරගෙන ඇති බව දැන ගැනීමට ලැබේ. නිකෝ බේරාගෙන මරණයේ දොරටු වසා දැමීමට ඇතීනාගේ සළකුණ සොයා රෝමය බලා පිටත්වන පිරිසට බිහිසුණු සතුරන් රැසක් සමඟ සටන් වැදීමට සිදුවෙයි. මේ අතර ඇතීනාගේ ප්‍රතිමාව සොයා යන ඇනබෙත් සියලු මකුළුවන්ගේ මව වූ ඇක්නී රාක්ෂියට හසුවෙයි.
අනෙක් උපදෙවිවරු නිකෝ බේරාගැනීමට සමත් වුවත් ඇනබෙත් මරණය අබියසට පැමිණ ඇති බව ඔවුන්ට දැනැගනීමට ලැබේ. පර්සි ඇතුළු පිරිස ඇනබෙත් බේරාගැනීමට පිටත් වෙති. එහෙත් ඔවුන්ට එය කළ හැකි වේද? මරණයේ දොරටුව වසා දැමීමට ඔවුන්ට හැකිවේද?

Reviews

There are no reviews yet.

Be the first to review “Athinage Salakuna-ඇතීනාගේ සලකුණ (RICK RIORDAN)”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat