Ata Massa-ඇට මැස්සා
රු1,755.00
ඇට මැස්සා වූ කලී පාඨකයාගේ පරිකල්පනය අවදි කරන අතිශයින් විචිත්‍ර වූ ද, විසිතුරු වූ ද, වේගී වූ ද, විවාද ජනක වෘතාන්තයකි. සංස්ථානයන් බිඳ හෙළීමේ ලා නිරන්තර අරගලයක කැප වී සිටින විමුක්තිකාමීන් ආකර්ෂණය කිරීමේ ලා මේ කෘතිය වඩාත් පොහොසත් ය. ඉතාලිය එක්සත් කිරීමේ ව්‍යාපාරය පසුබිම් කරගත්, ආදරය සහ කුමන්ත්‍රණය පිළිබඳ මේ ඍෂි දැක්මක් සහිත නවකතාව ප්‍රජා පීඩනය පිටු දැකීමට වෙහෙසෙන, වඩා යහපත් ලෝකයක් අපේක්ෂා කරන කවර පරම්පරාවකට වුව – වෙසෙසින් යෞවනයනට යන්තම් හෝ ආවේශදායී ආරම්මනයක් වීමට බැරි නැත්තේ ය’යි අමෙරිකාවේ සුප්‍රකට පුවත්පත් කලාවේදියකු වන හැරිසන් ඊ. සැලිස් බරී පවසයි.
නිදහස් මතධාරී චින්තකයකු වන බට්රන්ඩ් රසල් තමා පුලය කළ ඉංගිරිසි නවකතාවන්ගෙන් එකක් හැටියට දුටු ඇට මැස්සා, නිදහස් ව්‍යාපාරයේ නියැලි ලක්ෂ සංඛ්‍යාවකගේ ප්‍රසාදය දිනා ගත්තකි.
වර්ෂ 1864 දී උපත ලද අයිරිෂ් ජාතික කාන්තාවක වූ ඊ. එල්. වොයිනික් – කලින් එතල් ලිලියන් බූල් – අතින් ඇට මැස්සා ලියැවුණේ 1895 දී ය. එහෙත් දොරට වැඩියේ 1897 දී ය. මුල දී අමෙරිකාවේ ද, එයින් මාස කීපයක ඇවෑමෙන් එංගලන්තයේ ද, අනතුරු ව සති කීපයක් තුළ පරිවර්තනයක් වශයෙන් රුසියාවේ ද පළ වූ මෙම කෘතිය දැනට ම භාෂා 30කට පරිවර්තනය කොට ඇත. ජෝර්ජ් බර්නාඩ් ෂෝ විසින් දෘශ්‍ය කාව්‍යයට නැගූ ඇට මැස්සා පසු ව බ්‍රෝඩ්වේ වේදිකාවට ද ගියේ ය. ඔපෙරා අනුවාද තුනකි. සම්මාන දිනූ වර්ණ චිත්‍රපටයක් ද වෙයි. දැනට ලෝකය පුරා පිටපත් පනස් ලක්ෂයකට අධික සංඛ්‍යාවක් විකිණී ඇත.









Reviews
There are no reviews yet.