10% OFF
Asimanthaya-අසීමාන්තය
රු855.00
“මට හරිම පුදුමයි… ඕපපාතික ධ්‍යානයෙන් මාව මුදවලා විවිධාකාර ඇලීම් බැඳීම් වලට මාව නතුකරන්න හදන ඒ අතීතය මහා මුග්ධ මගඩියක්… මට මතක් වෙනවා මං වෙනුවෙන් එදා හෙක්ටර් කියූ වචන ටික… ඒ හැඳින්වීම… මට හිතේ තදින්ම කාවැදුණා… ‘කාම තක්කඩියා’…!ඒ වචන දෙක විහිළුවට හරි මට පාවිච්චි කළ එක ගැන මම තරහද?… නෑ… ඇත්තටම තරහ නෑ… ඒ හැඳින්වීම මට උචිතයි කියලා මට තනිහිතට හිතුණම මට තරහ ගියා… ඒකයි ඇත්ත.හෙක්ටර්ට හිතෙන්න ඇති මම අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තු නරුමයෙක් කියලා… ඒත් හිතට එකඟව හිතුවොත් මම ශ්‍යාමා එක්ක තිබුණු සම්බන්ධයෙන් මොකක් හරි ආස්වාදයක් වින්දද? මම වින්දනයක් වින්දද? වින්දනයක් ලැබුවා නම් ඒක ගැන යළි යළිත් මෙනෙහි කරලා මොකක් හරි ආස්වාදයක් විඳිනවා.ඒක තමා සිතේ ස්වභාවය. නමුත් එහෙමත් වින්දනයක් නොතිබ්බ මට… මේවා අස්ථාන චෝදනා මිසක් වෙන මොනවාද?”









Reviews
There are no reviews yet.