Aruma Puduma Sappuwa – අරුම පුදුම සාප්පුව
රු2,160.00
අරුම පුදුම සාප්පුව තුළ චිත්තාවේග වල ස්වභාවයන්, විකාර රූපී චරිත මෙන්ම සමාජ ගැටලු යන කාරණා තුනම සංයෝග කර ලියූ නවකතාවකි. එය ලුහුබැඳ යාම සහ චිත්ත ධෛර්යය, තේමාකර ගෙන ලියා ඇත. පීඩාවටපත් සමාජ කොටස් වෙතට විපත් ගෙන ඒමටම සැදී පැහැදී සිටින දුෂ්ට, නීච මිනිසුන් ගේ කුරිරු කම්වලට මුහුණ දෙන අන්දම ඇතුළත් සිද්ධි මෙම නව කතාව බොහෝ අයගේ සිත් ඇඳ බැඳ තබා ගැනීමට හේතු වූ නිසාම, වහා ජනප්රියත්වයට පත් වූයේය. ඒ නිසාම මෙහි ප්රධාන චරිතය නෙලී චාල්ස් ඩිකන්ස්ගේ කෘතිවල එන චරිත අතුරින් වඩාත් කීර්තියක් ලැබූ චරිතය බවට පත් වූවාය. එය පාඨක පරිකල්පනය පුබුදු කරමින් ජනප්රියත්වයට පත් වූ නිසා පුවත් පතක කොටස් වශයෙන් මේ කතාව පළ වෙද්දී ඇගේ අනාගත ඉරණම ගැන බොහෝ පාඨකයින් චාල්ස් ඩිකන්ස් වෙත ලියා එවා ඇත. මේ නවකතාව ඔහුගේ ජයග්රහණයක් බව ප්රකාශ කළ ඔහුගේ මිතුරන් ගැන, ඔහු සවිඥානික වූයේය. බොහෝ දෙනාගේ හදවත් තමා වෙතට නැමුණු බව ඔහුම සඳහන් කරයි. බොහෝ අය පුද්ගලිකව මෙහි නෙලීගේ අනාගත ඉරණම ගැන ශෝක කළහ. ඔහුගේ කෘති අතර වඩාත් පාඨකයාට සමීප වූ පාඨකයා ආදරයෙන් වැළඳගත් නවකතාව බවට අරුම පුදුම සාප්පුව පත් වූයේය.










Reviews
There are no reviews yet.