Keheli.lk

10% OFF

Arabumaka Nawathuma – ඇරඹුමක නැවතුම

රු1,800.00

සිය පවුල් පරිසරයේ වන අනේක ගැටුම් මධ්‍යයේ හැදී වැඩුණු ලිලී, බොස්ටන් කරා පැමිණෙන්නේ තමා සිහින මැවූ ස්වාධීන ජීවිතය ගොඩනඟා ගැනීමටයි. එහෙත් තරුණ, කඩවසම් ස්නායු ශල්‍ය වෛද්‍යවරයකු වන රයිල් කින්කේඩ් මුණගැසීමත් සමඟ සියල්ල වෙනස් වේ. ප්‍රේම සබඳතා කෙරෙහි අතිශය අකමැත්තක් දක්වන රයිල්ගේ සිත ඇද – බැඳ ගැනීමට ලිලී සමත් වන්නීය.

එහෙත් සියල්ල යහපත් ලෙසින් සිදුවෙමින් පවතින විට, ලීලීගේ අතීතය ඇයට යළි සිහි ගන්වමින් ඇගේ ප්‍රථම ප්‍රේමය වූ ඇට්ලස් කොරිගන් අහඹුවකින් ඇයට හමුවේ. ඔවුන්ගේ ඒ හමුවීමෙන් තමා වළදැමූයේ යැයි ලිලී සිතු හැඟීම් හා අභියෝග යළිත් ඇය අබිමුවට ගෙන එනු ලබයි.

සියලු ගැටලු මධ්‍යයේ පවා ආදරයේ, ස්ව ශක්තියේ සහ වේදනාවේ සංකීර්ණතා සියල්ලට මුහුණ පෑමට ඇයට සිදුවේ. ඒ අතරම, අනාගතය ගොඩනැගිමට නම්, අතීතය අත්හළ යුතු බව ඇය ඉගෙනගනියි.

හද සසල කරවන, සංවේදී කෘතියක් වන It Ends With Us හරහා ආදරය, ජීවිතය සහ විෂම වක්‍ර වලින් නිදහස් වීම පිළිබඳ අපූර්ව කතාන්දරයක් දිග හැරේ.

Reviews

There are no reviews yet.

Be the first to review “Arabumaka Nawathuma – ඇරඹුමක නැවතුම”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat