Api – අපි
රු1,190.00
සොත්ති මාලා හිඳ උන් තැනින් නැගිට්ටාය. නැත… ඈ නොවේ. ඇය තුළ උන් ගැහැනු ආත්මය නැගිට තිබිණී. රැය පදික වේදිකාවේ ලෑලි පටි බංකුවේ නිදන්නට තීරණය කර උන් අනාථ යුවතිය – ශාක්‍යා ළඟට ඇය කිට්ටු විය. ලොතරැයි විකුණන බාලා ඊට ටිකක් දුරින් ශාක්‍යාට කෙළ හළා ගත් ගමන්ය.
“වරං යන්ඩ. ”
මාලා ගහෙන් ගෙඩි එන්නා වාගේ යුවතියට කීවාය.
“කමක් නෑ අක්කෙ… මං අද රෑ මෙතන නිදා ගන්නවා…”
ශාක්‍යා කීවාය.
“උඹ මෙතන නිදා ගත්තොත් හෙට උදේට බඩ වෙලා තියෙයි. ගෑනියෙකුට වරදින්ඩ ඒ හැටි වෙලාවක් යන්නෑ බං… උඹට වරදින්ඩ බීඩි දුමක දුර ඇති..” මාලා මේ ඇනුම් පද කියන්නේ තමාට බව ඒ වනවිටත් බීඩි දුමාරය රවුම් කරමින් උන් බාලාට තේරිණ.
ලේන්සු පොඩියක් තරම් දෙයක් අතේ නැතුව ශාක්‍යා මාලා පස්සේ නාටාමි වත්තට අඩිය තියන්නට මහ පාරින් ඇරඹි මනුස්සකම හේතු වී තිබිණී. ලෑලි-ටකරන්-තහඩු ආදී අතට අහුවෙන කොයිදේත් එකතු කර තැනූ නාටාමි වත්තේ ගෙවල් පේළිය ශාක්‍යාට එය පුදුමයක් විය.
“අපට ඉතිං ස්ථීර රස්සා නෑ.. ජීවත් වෙන්ඩ අතට අහුවෙන කොයිදේත් කරනවා. උඹටත් දැන් ඒවට පුරුදු වෙන්ඩ වෙයි.. හැබැයි මොනා කළත් ජීවත්වෙන්ඩ මං තාම මාව විකුණල නෑ.. ඒ හින්දා උඹව විකුණන්නෙත් නෑ.. උඹ බයවෙන්ඩ එපා…’” මාලා ශාක්‍යාට කීවාය.
Out of stock








Reviews
There are no reviews yet.