රු1,980.00
සෞභාග්‍යය අපේක්ෂා කළ හැක්කේ අප ජාතියක් ලෙස නීතියේ ආධිපත්‍යය වැළඳගනු ලැබුව හොත් පමණි. නීතියේ ආධිපත්‍යය බිඳ වැටුණ දේශයක, නරුමයින්ගේ බලයේ ආධිපත්යම රජ කරනු ඇත්තේ සියලුම ආකාරයේ අපරාධයන්ට එරෙහිව යුක්තිය ක්‍රියාත්මක වීම වළකාලමිනි. අපරාධවලට එරෙහි ව දණ්ඩමුක්තිය ලැබෙන විට තව තවත් අපරාධ සහයෝගීතත්වයන් වර්ධනය වෙමින්, දණ්ඩමුක්තිය සාමාන්‍යකරණය වී අපරාධක රාජ්‍යයේ පතුළටම අපව වැටෙනු ඇත. අතීතයේ සිදු වූ අපරාධ යුක්තිය හමුවට පැමිණවීමකින් තොරව අපට සෞභාග්‍යය ළඟා කරගත නොහැක. අපව වසාගත් මේ සාමූහික දේශපාලන පාපයෙන් මිදීමට ඇති එකම මාර්ගය නම් ජීවත්ව සිටින හෝ මිය ගිය වින්දිතයින් උදෙසා යුක්තිය පසිඳලීම පමණි.
Reviews
There are no reviews yet.