Aparada widyawe muladarma 1- අපරාධ විද්‍යාවේ මූලධර්ම 1
රු1,170.00
අපරාධ සිදු වන්නේ ඇයි? එය නවතා ලන්නේ කෙසේද? පොලීසිය, උසාවිය, බන්ධනාගාරය, දඬුවම් ක්‍රම හා පුනරුත්ථාපන ක්‍රම කෙතෙක් දුරට සාර්ථකද ? කියා විද්‍යාත්මකව විමසා බැලීමේ පදනම අපරාධ විද්‍යාවයි.
ශ්‍රී ලංකාවට අලුත් විෂයයක් වන අපරාධ විද්‍යාව පිළිබඳව සවිස්තරාත්මකව සිංහලෙන් ලියැවුණු පළමුවැනි පොත මෙයයි.
අපරාධ ගැන උනන්දුවක් දක්වන නීතීඥයන්ට, අධිකරණය හා සම්බන්ධ අයට, ශිෂ්‍යයන්ට, පොලිසියට සහ සාමාන්‍ය පාඨකයාට මෙය බෙහෙවින් ආධාර වන අත් පොතක් වනු ඇත.
මෙහි කතුවරයා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අපරාධ විද්‍යාව හා අපරාධ යුක්තිය පිළිබඳව ඉගැන්වූ මහාචාර්යවරයාය.
මහාචාර්ය නන්දසේන රත්නපාල මහතා සමාජ විද්‍යාව හා මානව විද්‍යාව පිළිබඳව ආචාර්ය උපාධි තුනක් ලබාගෙන ඇත්තෙකි.
ඔහු 1986 – 87 වර්ෂයේදී එංගලන්තයේ එඩින්බරෝ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ අපරාධ විද්‍යා පර්යේෂණ අංශයේ මහාචාර්යවරයා විය. හෙතෙම ඉංග්‍රීසියෙන් ද අපරාධ විද්‍යාව ගැන ලිපි හා පොත් කිහිපයක්ම ලියා ඇත්තෙකි.
Out of stock








Reviews
There are no reviews yet.