Keheli.lk

15% OFF

Anurapura weerayo – අනුරපුර වීරයෝ

රු850.00

“අපි දන්නවා මීට මාස කිහිපයකට ඉස්සර මිස්ට අනිල්ගේ යාලුවා ධනංජය අතුරුදන් වෙව්ව වෙලාවේ ඔයා දන්න ගොඩක් දේවල්
පොලිසියට හැංගුවා කියලා. මේ සැරෙත් දන්න දේවල් හැංගුවොත් අවාසි වෙන්නේ මිස්ට අනිල්ටම තමයි.”

“මොකක්ද අර යකා අතේ තියෙන්නේ? ඒක කෙලවරින්
විදුලියක් විහිදෙනවා නේද?” නීලක කියත්ම තරු දොරටුව අසල සිටි නීලපටයින්ගේ නායකයා පිටුපස හැරී බැලීය. ගල් තලාව මත වැතිර සිටින නීලක සහ අශාන් දුටු නායක පූප්කයා අත රැදි යෂ්ටිය ඔවුන් දෙසට එල්ල කළේය. යෂ්ටියෙන් නිකුත්වූ විදුලි සැරයක් මිතුරන් අසල පතිතවී පුපුරා ගියේ කර ගන්ධයක් අවට පතුරුවා හරිමිනි. “අනුරාධපුර යුගයේදී පිටසක්වල ජීවින් සමඟ සබඳතා පැවැත්තූ බවට සාක්ෂි තිබුණත් තරු දොරටුව ගැන මං දරන්නේ වෙනස් අදහසක්. බලසම්පන්න රජෙක්, ඔහුගේ යෝධයෝ වගේ බලවත්
සේනාධිපතියන් පනස්තුන් දෙනෙක් හමුවුණු විශේෂ බලයක් තියෙන ආතර් රජුගේ වට මේසය වගේ තැනක් තමයි මේ.”
“ඒත් අනිල් අයියේ එහෙම සේනාධිපතියන් 53ක් හිටිය රජෙක් ගැන මහාවංසයේ සඳහන් වෙලා නැහැනේ.” අශාන් කල්පනාවකට වැටිණි.
“ඒක මහාවංසය නොකී කතාවක් වෙන්න පුලුවන්.”

Reviews

There are no reviews yet.

Be the first to review “Anurapura weerayo – අනුරපුර වීරයෝ”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat