Keheli.lk

10% OFF

Akasha Wasthu-ආකාශ වස්තු

රු990.00

** 2019 වසරේ, ජාත්‍යන්තර මෑන් බුකර් සම්මානය දිනූ ප්‍රථම අරාබි නවකතාව **

ආකාශ වස්තු කතාවෙන් කියැවෙන්නේ, සමාජීය විපර්යාසයේ ප්‍රතිඵලයක් ලෙසින් ඕමානි පවුලක පරම්පරා තුනක් මුහුණ දෙන අත්දැකීම් මාලාවයි. ඕමානයේ අල්-අවාෆි නම් කාන්තාර ගම්මානයෙහි සහෝදරියෝ තිදෙනෙක් වෙසෙති. තමා පැතූ ප්‍රේමය ඉෂ්ට කර ගන්න නොහැකි වූ මේයා බිඳුණු හදවතින් වෙනත් කෙනකු සමග විවාහ වෙයි.අස්මා ඇගේ පවුලට ඉටු විය යුතු යුතුකමක් වශයෙන් යුග දිවියට පිවිසෙයි. ඔවුන් ගේ බාල සහෝදරිය ඛිහාලා සියලු මංගල යෝජනා ප්‍රතික්ෂේප කරමින්, කැනඩාව ට සංක්‍රමණය වූ ඇගේ පෙම්වතා එනතුරු බලා සිටියි. වහල් හිමි ක්‍රමයක් පැවති සාම්ප්‍රදායික සමාජයක් වූ ඕමානය, යටත් විජිත ක්‍රමය බිඳ වැටීමෙන් පසුව
අද පවත්නා සංකීර්ණ සමාජ ක්‍රමය බවට
ක්‍රම ක්‍රමයෙන් පරිණාමනය වන ආකාරය ඒ ගැහැනුන් තිදෙනා සහ ඔවුන් ගේ පවුල තුළින් අපට දැක ගන්නට ලැබේ. රමණීය ආකෘතියකින් ලියැවුණු ආකාශ වස්තු ඕමාන ඉතිහාසයේ සහ නවීන ඕමාන මිනිසුන් ගේ කතාන්දරයයි.

Availability: In stock

Reviews

There are no reviews yet.

Be the first to review “Akasha Wasthu-ආකාශ වස්තු”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat