Aganthuka Rogiya-ආගන්තුක රෝගියා
රු1,539.00
එකිනෙකා කලින් දැන නො සිටි යුද්ධයෙන් පීඩාවට පත් පුද්ගලයින් සිව් දෙනෙකු ගේ
ජීවන අත්දැකීම් මේ නවකතාවට පදනම් වී තිබේ. දෙවන ලෝක යුද්ධ සමයේ දී ඉතාලියේ කඳු ගැටයක් මුදුනේ පිහිටි විනාශ වූ සුවිසල් මන්දිරයක් තුළ දී මේ ආගන්තුක පිරිස හමු වෙති. ඔවුන් ගේ අතීත අත්දැකීම් ස්මරණය කිරීමේ ස්වරූපයෙන් මේ කතාව ඉදිරියට ගලා යයි. අනුවේදනීය ප්‍රේම වෘත්තාන්තයක ස්වරූපය ගත්ත ද මේ නවකතාව විචිත්‍ර සිද්ධීන් ගෙන් අනූන ය.යුද්ධයෙන් අනතුරට පත් ප්‍රදේශ මනුෂ්‍ය වාසයට යෝග්‍ය තත්ත්වයට පත් කිරීමේ නියැලී සිටින එඩිතර තරුණයකු ගේ ක්‍රියා කලාපය කාන්තාරවල සිදු කෙරෙන පුරා විද්‍යාත්මක ගවේෂණ, එකී පර්යේෂණවල යෙදී සිටින පුද්ගලයින් මුහුණ දෙන ඛේදනීය ඉරණම, කාන්තාරය තුළ පවතින කටුක බව මෙන් ම සුන්දරත්වය වැනි විවිධ විස්තර රැගත් මේ කෘතිය අපූර්ව භාෂා විලාසයකින් රචනා වී තිබේ.
‘ආගන්තුක රෝගියා’ යුද්ධයේ ඇති බිහිසුණු බව සහ කෲරත්වය මෙන් ම එහි ඇති නිරර්ථක භාවය ද මතුකර දක්වන විශිෂ්ට කෘතියකි.









Reviews
There are no reviews yet.