Aduru paligu thala madin-අඳුරු පළිඟු තල මැදින්
රු405.00
සොෆීගේ ලෝකය පොතින් යුස්ටයින් ගෝඩර් විසින් නිර්මාණය කරනු ලැබ ලෝකයේ ලක්ෂ සංඛ්‍යාත පාඨකයින්ගේ සිත් වසඟ කළ කලාව – දැරියක ප්‍රධාන චරිතය කොටගෙන දාර්ශනික ප්‍රශ්න නැගීමේ කලාව -අඳුරු පළිඟු තල මැදින් නමැති මෙම අතිශයින් සුන්දර අනුවේදනීය කථාවෙන් තව දුරටත් විස්තීර්ණ වෙයි.
ගැටවර වියට එළැඹි සිසිලියා අසාධ්‍ය ලෙස රෝගීව යහනේ නිදයි. ඇය මහත් කෝපය, ශෝකය, අපේක්ෂා භංග වීම, කලකිරීම ආදී ආවේගවලින් පෙළෙන්නීය. ඒ සියලු ආවේග යොමු වන්නේ ඇගේ පවුලේ ඇත්තන් වෙතටය. නත්තල් දවසේ ඇගේ කාමරයේ ජනේලය තුළින් සුර දූතයෙක් – ඒරියල් – එයි. ඔහු මරණය, මරණින් මතු ජීවිතය, විශ්වය ආදී කරුණු ගැන සිසිලියා සමග ප්‍රාණවත්, සිත් අදනාසුලු පිළිසඳරෙහි යෙදෙයි. ජීවිතය පිළිබඳ ගැඹුරු කරුණු හෙළි කරයි.සති කිහිපයක් ගත වන විට,ශිශිර ඍතුව කෙළවර වී වසන්තය උදා වන විට, සිසිලියා සහ ඇයගේ පවුලේ ඇත්තන් අතරේ ඇති සම්බන්ධය සියුම් ලෙස දියුණු වෙයි. ඇය තුළ පැවැති ප්‍රබල කෝපාකූල ආවේග සහ අපේක්ෂා භංගත්වය ක්‍රමයෙන් වියැකී යයි.ඇය සන්සුන් ලෙස ජීවිතයේ යථාර්ථය පිළිගනියි.
Out of stock







Reviews
There are no reviews yet.