Abirahas Asaruwa – අබිරහස් අසරුවා
රු594.00
නැගෙනහිර යුරෝපයේ කුඩා රටක, මධ්‍යකාලීන යුගයේ ප්‍රත්‍යන්ත නගරයක, සිය ඉපැරණි නිවසේ හුදෙකලාව වෙසෙන කුලීන, මහලු කාන්තාවක් මහ රෑ මැදියම, කෑලි කපන ගනඳුරේ අවදිවන්නේ දොරට නඛාන ශබ්දයටය. ඇය. දොර විවෘත කරන්නේ ඈත එපිට දුරු රටකට දීග දුන් සිය එකම දියණිය වළිපත්ත පසෙක, ගනඳුරේ බලා හිඳිනු දකින්නටය. ඇය අර කී දුරු රට සිට කැඳවාගෙන අවුදින් ඇත්තේ නාඳුනන අසරුවකු විසිනි. දියණිය පවසන්නේ වී සිය සොහොයුරා බවය. එහෙත්, ඇය ඒ ගැන හොංකවිසියක් නොදන් මුන් මෙකියනා සොහොයුරා මියෑදී තෙවසරකි.
ඉතින් එහෙනම්, ඇය කැටුව ආයේ කවරෙක්ද? චී හොල්මනක්ද නොඑසේනම් ඇගේ සොහොයුරා ලෙස රඟපෑ බොරුකාරයෙක්ද?
මේ හා සමග මතුවන සිද්ධි දාමය මේ මධ්‍යකාලීන ගම්මානය කරා බිය සැක මෙන්ම අවිශ්වාසයද ගෙන එයි.
මේ අබිරහස් අසරුවා කවරෙක්ද? අබිරහස විසඳාලීම බාරකෙරෙන පොලිස් නිලදරුවා ඊට පිසෙන්නේ කෙසේද?
ඉපැරණි ජනප්‍රවාද, පුරාවෘත්ත හා පුරාණෝක්ති සිය නිර්මාණ තුළට රැගෙන වින් අපූරු කතන්දර ගොතන ප්‍රකට ඇල්බේනියානු නවකතාකරු ඉස්මායෙල් කදාරේගේ තවත් අපූරු නිර්මාණයක්.








Reviews
There are no reviews yet.