Keheli.lk

10% OFF

Edipas Raja – ඊඩිපස් රජ

රු1,080.00

ඊඩිපස් කවරෙක් ද? ඔහු සනාතන මිනිසාගේ ජීවන අරගලය මූර්තිමත් කරන්නෙක් ද? අක්මුල් සෙවිය නො හැකි මේ සංසාරයෙන් ගමනෙහි යෙදෙන මිනිසා වටකරගෙන පෙළහ අන්ධකාර දෛවමය -බලවේග වල නිරන්තර දයා විරහිත පුහාර ඉදිරියේ අසරණ ව ඇද වැටෙන්නෙක් ද? නො එසේ ව පුද්ගලයකු වශයෙන් ස්වකීය විනාශය දැක දැකත් මිනිස් ප්‍රාරම්භක ශක්තිය නොබා ප්‍රදර්ශන ය කරමින්  නොමිනිස්දෙවමය බලවේග හා ගැටී මිනිසත් බව ඔසවා තැබුවෙක් ද? එසේත් නැතහොත් මිනිස් නිදහස පිළිබඳ ව ආත්ම ගවේෂණයක යෙදෙමින් සත්‍යය සාක්ෂාත් කරගත් අයෙක් ද?

ඊඩිපස් චරිතය විකාශනය වනුයේ මිනිසා ගේ මානව ප්‍රයත්නය( Human Will) ඔහු වටකොට නැගී සිටිනා මානව දෛවයන් (Human Destiny) අතර ඇති වන ප්‍රතික්‍රියා දාමයන් විලාශයෙන් බව නාට්‍යයෙන් පැහැදිලි වන කරුණකි. මෙම ගැටුමෙන් මතුවන සමුදයාර්ථය ඉහතින් කී කවර අරුතක් හා සමවන්නේ ද යනු එකී චර්තය නාට්‍යකරු විකාශනය කරන ආකාරයෙන් වටහා ගත යුතු ය.

Reviews

There are no reviews yet.

Be the first to review “Edipas Raja – ඊඩිපස් රජ”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat