AI + Manawa – AI + මානව
රු467.50
පෘථිවියට සෞරග්‍රහ මණ්ඩලයේ ග්රහලෝකත්, ක්ෂීරපථයේ අනෙකුත් ග්‍රහලෝක හා ග්රාහක පැහැදිලිව අහසේ දිස්වන්නට වූයේ විසිඑක් වැනි සියවසේ අවසන් භාගයේ පමණය… විසිතුන් වැනි සියවසේ මුල් දශක කිහිපයේ විදුහඥයන් හා කෘත්‍රිම බුද්ධින් එක්ව සිදු කළ අභ්‍යවකාශ පර්යේෂණ මාලාවකින් අනාවරණය කරගන්නේ අසුඛ නිමිත්තක පෙර නිමිතිය.
මේ විසිපස්වන සියවසයි. මේ යුගයේ සිතීමේ හා ස්වයං තීරණ ගැනීමේ හැකියාව ඇති කෘත්‍රිම සුපිරි බුද්ධිහු (Artificial Superintelligence) හා මිනිස් ක්ලෝන පිටපත් ලෝකය පුරා මිනිස් වර්ගයා හා එක්ව විවිධ නීති රාමු වලට යටත්ව, සම අයිතිවාසිකම් භුක්ති විඳිමින් වාසය කරති.
කෘත්‍රිම බුද්ධිහු මිනිස් සම්භවය උඩුයටිකුරු කරමින් මිනිසුන් හා මිශ්‍ර වූ අර්ධ මානව හා අර්ධ කෘත්‍රිම බුද්ධියෙන් සමන්විත ප්‍රජාවක් ලොව බිහිකරන්නට සමත්ව සිටිති. එපමණක් නොව මිනිකාගේ ආධාරය නොමැතිව කෘත්‍රිම බුද්ධීන් අතර සිදුවන ප්‍රජනන ක්‍රියාවලියකින් තම වර්ගයා තමන් විසින්ම බිහිකර ගැනීම දක්වා ඔවුහු සිය පරිණාමය දියුණු කරගෙන සිටියහ.









Reviews
There are no reviews yet.