Keheli.lk

15% OFF

Pauru bida – පවුරු බිඳ

රු510.00

අල්ලාගත් මාළු කුරින් පීතරගෙ කඩයට දී ඒ මුදලට ආප්ප රැගෙන මම ගෙදර ගියෙමි. මම ආප්ප ටික ලොකු අක්කාට දුනිමි. අම්මා කොණ්ඩය පීරමින් කුස්සියට ආවේ ඒ අතරය. චූටියා අම්මාගේ චීත්තයේ එල්ලී හඬමින් පස්සෙන් එයි.
“කට පියාගෙන හිටපිය… ආයෙ බලියන්න පටන් ගත්තොත් දෙනවා තොට පොල් පිත්තක් අරං.. ඇයි යකෝ තොපිලගෙ සුමේ කරලම මට නිදහසක් නෑ..එළිවෙච්ච වෙලේ ඉදලම මට වද දෙනවා..’

ලොකු අක්කාත් මමත් මූණෙන් මූණ බලා ගත්තෙමු. අම්මා ළමයින් වැදුවා විතරය. උන්ව හදන්නේ ලොකු අක්කාය. නංගිලා මල්ලිලා රංචුවේ සියලු දහදුක විඳින්නේ ලොකු අක්කාය. “කොයින්ද උඹට ආප්ප ගන්න සල්ලි…..?”
අම්මා මගෙත් ඇසුවේ අක්කා අතවූ ආප්පයක් කඩා කටේ දමා ගනිමින්ය.
“මං මාළු අල්ලල වික්කා…”
“ඔක්කොම වික්කද?.. නොදකින් අපටත් දෙන්නෙක් ගේන්න එපායැ.. යකෝ මේකට තව පොල්කිරි ටිකක් දැම්මනම්. කිරි පීතරගෙ ගෑනිගෙන් ගන්නවා වගේනෙ හරියට … පොල්කිරි පෙන්නලා විතරයි..”
අම්මා රස පරීක්ෂා කොට ගුණ දොස් කීවාය.
“ලොක්කියේ…. මං යනවා.. එද්දි හවස් වෙයි. ලොකු හාමිනේලගෙ දිහා හෙට වතා දානෙ. මං වී කොටලා දෙන්න යනවා. මේකෙම රිංගගෙන ඉදලා හරියන්නෑ, යන ලෝකෙටත් මොනාහරි කරගන්න ඕන…”
අම්මා දිව්‍යලෝකයේ යන්න පිං රැස් කරගන්න ගියාය. අප තාමත් අපායේය.

Out of stock

Reviews

There are no reviews yet.

Be the first to review “Pauru bida – පවුරු බිඳ”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat