15% OFF
Yadam- යදම්
රු1,487.50
මම ඇය දෙසට පියවර දෙකක් ගමන් කළෙමි. මැඩම්, රූත්ව විකුණුවා ද?”
“ඔය වගේ ගරුසරු නැති විදියට ඔයා මට කතා කරන්න එපා ”
ඇගේ කටහඬ මඳක් වෙවුලී ය.
මම තවත් පියවරක් ඉදිරියට තැබුවෙමි.
“උත්තර දීපන්. කාලකණ්ණි ජරා ගෑනි. උඹ මගේ සොහොයුරිය විකුණුවා ද?” මැඩම් පියවරක් ආපස්සට තැබුවා ය. ඇගේ ලිපිය සෝපානයේ පාමුලට වැටුණි.
“මා ළඟට එන්න එපා. මුළුතැන්ගෙට පලයන් ”
“රූත්ගේ වයස අවුරුදු පහයි. ඇය පුංචි
බබෙක්. මට හොරෙන් ඇය විකුණුවා නේද?
ඇගේ දෑත් වෙවුලන් බව පෙනිණි.
කවුළුව අතරින් ගෙතුළට විහිදුණු හිරුඑළිය රෝස පැහැති විය. මම තවත් පියවරක් ඉදිරියට තැබූ විට,ඇයව අතින් ඇල්ලීමට තරම් ළං වීමි.
“ඉසබෙල් ! ඉසබෙල් ” බෙකී යළිත් කෑගැසුවා ය.








Reviews
There are no reviews yet.