D-ඩී
රු1,305.00
එය ගිම්හානයේ තවත් එක සරු සැඳෑවකි. ලොව සුන්දරතම නගරය ශනිදා රැයේ සුපුරුදු උත්සවශ්රීයෙන් වෙළීයමින් තිබිණි. නගර වැසියන් මෙන්ම සංචාරකයෝද ග්රීෂ්ම නිවාඩුව නිමකරන්නට පෙර ගතව යන ඒ අවසන් රැය විනෝදයෙන් ගෙවාදමන්නට සුදානම් වෙමින් සිටියහ.
මේ නගරයේ එක් සුඛෝපභෝගී හෝටල් කාමරයක. ලොවම ආදරය කළ රූමත් කුමරියක් රැය ගෙවී පහන් වනතුරු හෝරා ගණිමින් සිටියාය. තමන්ගේ සිතේ ඇති, ක්රියාවට නංවන්නට සිහින මවන සැලැස්ම සාර්ථක වන්නේ නම් අදහාගත නොහැකි වෙනස්කමකට පිවිතය හසුවන බව දැනසිටියද, ජීවත්වන්නට තමන්ට ඉතිරිව ඇත්තේ තවත් පැය කීපයක් පමණක් බව ඇය නොදැන සිටියාය.
එය තවත් එක් රිය අනතුරක් පමණක් නොවේ. එය මිනීමැරුමකි. ඇයව මරා දමන්නට සැකසුණු සංකීර්ණ කුමන්ත්රණයකි. ඇයව මරාදැමූ ඔවුහු. ඉතිහාසයේ මෙතෙක් හෙළි නොවුණු සංකීර්ණතම අබිරහසකට පදනම් දැමූහ.
මේ කියැවෙන්නේ ඩයනා කුමරියගේ මරණයේ කතාවයි.










Reviews
There are no reviews yet.