Keheli.lk

20% OFF

Dadayam ballo-දඩයම් බල්ලො

රු1,200.00

සිදු වූ කිසිවක ශේෂ වූ ප්‍රතිඵලයන් තව දුරටත් විමසන්නට නොගිය වෙඩික්කරුවා වහා වෑන් රියට ගොඩ වූ විගස රියදුරු වන් රථය වේගයෙන් ඉදිරියට ධාවනය කළේ වටපිට කිසිවක් පිළිබඳව අවධානයක් ලබා නොදෙමින්ය. ඒ සමඟින්ම නැවතත් ඔහුගේ දුරකතනය නද දෙන්නට වූ අතර ඔහු එය සුරතට ගත්තේ සිය ස්වාමියාට කාර්යයෙහි සාර්ථකත්වය පිළිබඳව සැල කිරීමේ ආශාවෙනි.

මොකද බල්ලො තොපි ෆෝන් ගන්නෙ නැත්තෙ, තොපි දෙන්නට මං දැන් කෝල් සීයකට වඩා ගන්න ඇති ඉක්මනට ආපහු හැරිලා වරෙල්ලා. ඔය කෙල්ලට කිසිම කරදරයක් වෙන්න බෑ කිසිම අනතුරක් නොවි මට ඔය කෙල්ල පන පිටින් ඕනෙ, අපේ ජීවිත තියෙන්නෙ ඔය කෙල්ලගෙ අතේ.”

වෙඩික්කරුවාගේ දෑත් වෙව්ලන්නට වූවේය. ඔහුගේ දෑස් ඉලිප්පි ගොස් තිබුණි. ”…..බොස් ම……මං කෙල්ලට තිබ්බා. කෙල්ල එතනමයි.” ඔහු පැවසුවේ වෙව්ලන ස්වරයෙනි.

Reviews

There are no reviews yet.

Be the first to review “Dadayam ballo-දඩයම් බල්ලො”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat