Keheli.lk

20% OFF

Yesus Wahanse Saha Budun Wahanse – යේසුස් වහන්සේ සහ බුදුන් වහන්සේ

රු760.00

පසුගිය සියවස තුළ, සෑම ආගමක් ම එක ය, යන මතයක් බොහෝ තැන කියැවෙමින් තිබේ. යේසුස් වහන්සේගේ සහ බුදුරදුන්ගේ ඉගැන්වීම් සත්‍යයේ වෙනස් අනුවාදයන් පමණක්ය යන බවක් කියැවෙන පොත් රාශියක් බිහිව තිබෙන්නේත් මෙනිසා ය. මෙය සැබැවක් ද, නැතහොත්, කරුණු මතුපිටින් පරික්ෂා කිරීමේ ප්‍රතිඵලයක් ද? එසේත් නොමැති නම්, අන්තර් – ආගමික අවබෝධය දිරිගැන්වීමට අව්‍යාජ නමුත්, නොමග යැවුණ ප්‍රයත්නයක් ද? මේ පොතෙන් ඉදිරිපත් කෙරෙන්නේ, බයිබලයෙන් තහවුරු කෙරෙන යේසුස් වහන්සේගේ ජීවිතය සහ ඉගැන්වීම් සමග විනය සූත්‍ර පිටකයන්හි දක්නට ලැබෙන බුදුරදුන් සහ උන් වහන්සේගේ ඉගැන්වීම පිළිබඳ තොරතුරු ගැඹුරින් සැසඳීමකි. මෙහි ප්‍රතිඵලය වනු ඇත්තේ, ඒ මහා ආධ්‍යාත්මික චරිත දෙක පිළිබඳ ව අප දක්නා ගතානුගතික චිත්‍ර වලට වඩා බෙහෙවින් වෙනස් ඒවා දක්නට ලැබීම වන අතර, කිතුණු දහම සහ බුදු දහම එකිනෙකට අනුකූල ද යන පැනයට ද බොහෝ පාඨකයින් පුදුමයට පත් කරවිය හැකි ආකාරයේ පිළිතුරක් ලැබීම ය.

ශ්‍රාවස්ති ධම්මික හාමුදුරුවන් උපතින් කිතුණුවෙකි. ඉන් දශක දෙකකට පසුව බුදු දහම ගැන උනන්දු වී තිබෙන උන් වහන්සේ, පැවිදි වෙති. දහම් දැනුම අතින් මෙම අපූරු ග්‍රන්ථය සම්පාදනය කිරීමට තරම් සුදුසු තැනකට පැමිණ තිබෙන උන් වහන්සේ, බුදු දහම සහ ඒ ආශ්‍රිත විෂයයන් පිළිබඳ ජනප්‍රිය කථිකයෙකු මෙන් ම, දක්ෂ ලේඛකයෙකි. ශ්‍රී ලංකාවේ සහ සිංගප්පූරුවෙහි 40ස් වසරක් ගත කර තිබෙන උන් වහන්සේ, දැන් ඕස්ට්‍රේලියාවේ තම මුල් නිවසෙහි විශ්‍රාමිකව වැඩ හිඳිති.

Reviews

There are no reviews yet.

Be the first to review “Yesus Wahanse Saha Budun Wahanse – යේසුස් වහන්සේ සහ බුදුන් වහන්සේ”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat