Welasana kokku awith-වේලාසන කොක්කු ඇවිත්
රු612.00
දෙවැනි ලෝක සංග්‍රාමය පැවති සමයේ, කිර්ගීසියාවේ දුර ඈත ගම්මානයෙක ජනතාවගේ ජීවන තතු හෙළි කරන ම අපූරු අන්දරය, ජගත් පූජිත කිර්ගීස් ලේඛකයකු වන චින්ගීස් අයිත්මාතෝව් විසින් විරචිත ජනකාන්ත කෙටි නවකතාවලින් එකකි. 1941-1945 අතර කාලය තුළ, එවකට සෝවියට් දේශයේ සෙසු ජනරජවල ජනතාවන්ට මෙන්ම, කිර්ගීසියාවේ ජනතාවටද ස්වකීය මාතෘභූමියේ රැකවරණය උදෙසා යුද පෙරමුණට යන්නට සිදු විය.
ගමෙහි ඉතිරි වූවෝ, මහලු අයත් ගැහැනු සහ ළමයිනුත් පමණි. යුද බිමට ගිය, සිය පියවරුන් විසින් ඉටු කළ යුතු කුදු මහත් කාර්ය සම්භාරය, ගැටවර තරුණයින්ගේ උරහිස මත වැටුණි. ඔවුන්, වසන්ත සමයේ සීසාමින්ද, අස්වනු නෙලමින්ද ගත කළ දුෂ්කර ජීවිතය මෙන්ම, භද්‍ර යෞවනයේදීම, ඔවුන් ජීවිතයේ අභියෝගයන්ට මුහුණ දුන් අයුරුද හෙළිකරන මෙම නවකතාව, ඔවුන්ගේ ප්‍රභාස්වර නැවුම් සිතිවිලිවල උණුසුමද, වරින් වර මෙත් දියෙන් දෙවි දෙවී බබළන ඔවුන්ගේ දයාර්ද්‍ර හදවතද අනාවරණය කරයි, මෙම තරුණ ජනකායගේ ජීවිතය වසන්ත පුෂ්පයක් සේ විකසිත වූයේ, යුද පසුබිමෙක නන්විධ අභියෝග නමැති කටු පඳුරු අතරිනි.
යුද්ධයත් සමඟ කෙමෙන් පරිණතබවට පත් වුණු ඔවුන්ගේ යෞවනයද, ඒ යෞවනයේ අගහස් ප්‍රේම වෘත්තාන්තයද මෙම නවකතාව මඳින් මඳ හෙළි කරයි. කිර්ගීසියාවේ දුර ඈත ගම්මානයෙක විකසිත වුණු භද්‍ර යෞවනයේ අසිරිය, ඩබ්ලියු. ඒ. අබේසිංහගේ මෙම අනුවාදය තුළින් සපුරා විඳගත හැක්කේය.








Reviews
There are no reviews yet.