Viswavidyalaya yanu kumakda?-විශ්වවිද්‍යාලය යනු කුමක්ද?
රු1,350.00
විශ්වවිද්‍යාලය යනු කුමක් වීද කුමක්ද කුමක් විය යුතුද යන ප්‍රශ්න මේ පොතෙන් අසනු ලබන්නේ උසස් අධ්‍යාපනය පිළිබඳ ලෝක පරිමාණ කතිකාවක් තුළට ලංකාවේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ඇතුළත් කරමිනි.තියුණු විචාරාත්මක ස්වරයකින් මෙන්ම කුළුපග සහෝදරත්වයේ උණුසුමකින් පාඨකයා අමතන මෙම කෘතිය උසස් අධ්‍යාපනයෙහි එක් කේන්ද්‍රීය ගුණයක් විය යුතු නිදහස සාධනය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙහි කාර්යභාරය හඳුන්වා දෙයි. ලංකාවට තරමක් අලුත් නිදහස්කාරක අධ්‍යාපන සංකල්ප පිළිබඳ සනිදර්ශනාත්මක සාකච්ඡාවක් පොත පුරා දිවෙයි.
වීචාරය සහ මාර්ගෝපදේශය මෙම පොතෙහි මනාව මිශ්‍ර වී තිබේ. මේ පොත විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, ශිෂ්‍යශිෂ්‍යාවන් පමණක් නොව අධ්‍යාපන ක්ෂේත්‍රයේ සියලු බලධාරීන්ගේ අත්පොතක් වීමේ විභවතාව ඇත්තකි.
එපමණක් නොව මහජන බුද්ධිමතුන්ටද සාහිත්‍ය කලා ආදිය ගැන උනන්දු පොදු පාඨකයාටද මෙම පොතෙන් අනාවරණය වන දැනුම් ක්ෂේත්‍රය අමිලය.
විශ්වවිද්‍යාල අධ්‍යාපනය සම්බන්ධයෙන් මෙවත් පොතක් සිංහල භාෂාවෙන් පළ වී නැත.






Reviews
There are no reviews yet.