Vishishta samathun durwala samathun yatathe sewaya karanne ai ? – විශිෂ්ට සමතුන් දුර්වල සමතුන් යටතේ සේවය කරන්නේ ඇයි ?
රු1,200.00
මෙය මවිසින් පර්වර්තනය කළ ලොව පුරා බොහෝ ජනප්‍රියත්වය ට පත් ‘ධනවත් පියා, දිළිඳු පියා’(Rich Dad, Poor Dad) ග්‍රන්ථය රචිත රොබර්ට් ටී.කියෝසාකි විසින් රචිත නවතම ග්‍රන්ථය වන ‘Why ‘A’ Students Work for ‘C’ Students හි සිංහල පරිවර්තනය වේ.
නොව වර්තමාන ලෝකය සැළකෙන්නේ උගතුන්ගේ යුගය ලෙස ‘දක්ෂයන්ගේ යුගය’ ලෙසිනි. ඒ සඳහා කදිම උදාහරණ වන්නේ ඉහළ අධ්‍යාපනික සුදුසුකම් නො ලද නමුත් ලෝකය වෙනස් කළ ව්‍යවසායකයන් වන බිල් ගේට්ස්, ස්ටීව් ජොබ්ස් හා මාර්ක් ෂකර්බර්ග් ය.
මෙම ග්‍රන්ථය තුළින් රොබර්ට් කියෝසාකි ලෝක ආර්ථිකය, නව ව්‍යාපාරකරණය හා ආයෝජන උපක්‍රම සම්බන්ධයෙන් ඉහත දැක්වූ පුද්ගලයන්ගේ උදාහරණ සමඟින් මැනවින් ම විග්රහ කෙරේ. විශේෂයෙන් ම මෙම ග්‍රන්ථය යොමු වන්නේ තම දරුවන් කදිම මූල්‍ය අධ්‍යාපනය හිමි වැඩිහිටියන් බව ට පත්කිරීමේ අවශ්‍යතාව සහිත මාපියන් කෙරෙහි ය.රොබර්ට් ටී. කියෝසාකි මෙම ග්‍රන්ථය තුළින් කරුණු දක්වන්නේ පාසල් අධ්‍යාපනයෙන් උත්සාහ කෙරෙන්නේ යම් විෂයයන් පිළිබඳ ව විශේෂඥයන් බිහි කිරීම මිසක ඔවුන් ට මූල්‍ය අධ්‍යාපනය ලබා නොදීමට බව ය. එහෙයින් සැබෑ ජීවිතයේදී ඔවුන් සාමාන්‍ය ආදායමක් ලබන්නන් වනු මිසක ව්‍යාපාරික ව සිතන්නන් නොවේ. ‘විශිෂ්ට සමතුන් දුර්වල සමතුන් යටතේ සේවය කරන්නේ එහෙයිනි.
එහෙයින් මෙය වෙනස් තාලෙට අදහස් දැක්වූ ග්රන්ථයක් වන්නා සේම දරුවන් විශිෂ්ටයන් කිරීමට අදහස් කරන මාපියන්ට කදිම අත්වැලකි.
Out of stock








Reviews
There are no reviews yet.