Vidyawen opawena apage wishwasa ha adahili – විද්‍යාවෙන් ඔපවෙන අපගේ විශ්වාස හා ඇදහිලි
රු810.00
සිත ගමන් කරන බලවේගයක් බවත්, සිරුරෙන් නික්මෙන නානා කිරණ තරංග, සහ ඒ තුළින් මතු කරන ක්‍රියාකාරීත්වය, කර්ම ශක්තිය ඇතිකරන අන්දම විද්‍යාඥයන් ඡායාරූප සටහන් ගත කරනු ලබන අයුරුත්, භාවනාවක දියුණුව ඵලය විද්‍යාඥයන්ට මැනිය හැකි බවත්, මේ පොතෙන් අපට සාක්ෂි සහිතව පෙන්වා දෙයි.
එසේම බෝධි පූජාවක දී බෝධිය හා අප අතර ඇතිවන තරංග හුවමාරුවත්, බෝධිය අප හා ආදරයෙන බැඳෙන අයුරුත්, සිත් ගන්නාසුලු ලෙස පැහැදිලිකර ඇත. පිංදීම, අනුමෝදන් වීම, පූජා භාණ්ඩයකට අත ගැසීම, ආදී බොහෝ කරුණු ද, සෙත් කවි, යාඥා, මන්ත්‍ර, පිරිත් වතුර ආදියෙහි ඇති ශක්තීන් විද්‍යාත්මකව මැනිය හැකි බව ද මේ ග්‍රන්ථයෙන් පෙන්වා දෙයි.
ගුවන් විදුලියෙන් පුවත්පත් මඟින් අපගේ ඇදහිලි හා විශ්වාස
කොතරම් විදුහුරු දැයි කතුවරයා නගන හඬ ඇත්තෙන්ම විශිෂ්ට ය. වසර තිහක් ඉක්ම වූ ගවේෂණ මගින් ලද දැනුමෙන් කොටසක් ඔහු මේ ග්‍රන්ථයෙන් අප වෙත ඉදිරිපත් කරයි.
රට දැයට හිතැති බුද්ධිමතුන් බිහිකළ
කොළඹ නාලන්දාවේ තවත් එවන් බිහි කිරීමකි. ඒ.එම්. ආර්. බෝපෙගෙදර මහතා.
අපගේ ඇදහිලි හා විශ්වාස ගැන උසස් ඇගැයීමක් කරන මේ ග්‍රන්ථය කාලීන අවශ්‍යතාවක් සපුරාලයි.









Reviews
There are no reviews yet.