Vibhaga pahasuwen jaya ganna – විභාග පහසුවෙන් ජය ගන්න
රු336.00
අධ්‍යාපනය මගින් දරුවන් ගේ සමස්ත පෞරුෂ වර්ධනය අරමුණු කරගත්ත ද, ප්‍රමුඛ වශයෙන් ඔවුන් ලබන ශාස්ත්‍රීය දැනුම විභාග මගින් මැන බලා සහතික කිරීම ලොව පුරා පාසල්, විද්‍යාල සහ විශ්වවිද්‍යාල ඇතුළු අධ්‍යාපන ආයතනවල ප්‍රධාන කාර්ය භාරය වෙමින් පවතී.කෙසේ වුව ද, අනාගත වෘත්තීය ජීවිතයක සාර්ථකත්වය විභාග සහතික මත රඳා පැවතීම ප්‍රකට ලෙස වැඩි වැඩියෙන් සිදුවන සංසිද්ධියක් බැවින් විභාග අසාර්ථකත්වය දරුවන් ගේ මානසික සංක්සෝභයට හේතු වී ඇත.නොයෙක් විෂය සම්බන්ධ විභාග උදව් පොත් අසීමිතව පළ කැරෙන නමුත්, දරුවන්ගේ මනස විභාගවලට ගැළපෙන ආකාරයට අනුහුරු කරන පොතක් මේ රටේ පමණක් නොව, සමස්ත ලෝකයේම අධ්‍යාපන සාහිත්‍යය තුළ සොයා ගැනීම පහසු නොවේ. මේ රික්තය පුරවාලන්නට එක්සත් රාජධානියේ වෙසෙන ශ්‍රී ලාංකික විද්වතකු වූ මෝහන චිකිත්සක ආචාර්ය ජී.බී. රත්නායක මහතා රචනා කර ඇති මේ කෘතිය, විභාග රෝගයෙන්’ ඔත්පළ වී ඇති අප රටේ ජනතාවටද කියවන්නට හැකි වන පරිදි සිංහල භාෂාවෙන් ඉදිරිපත් කෙරේ.
Out of stock









Reviews
There are no reviews yet.