Unmatha – උන්මාත
රු1,485.00
එය, ලාංකේය ඉතිහාසයේ අඳුරුතම පරිච්ඡේදයක් විය !
යක්ෂයෝ දෙරණ අරා සිටියෝය. මූසල නිහැඬියාවකින් රටම වෙළී තිබිණි. වෙනදා දෙනෝදාහක් සෙනඟ ගැවසෙන්නා වූ විදී ජනශුන්යව තිබුණි. උන්මාද ඝාතකයෝ නිදැල්ලේ සැරිසරති හදවත උගුළා දැමෙන ලද යුවතියන්ගේ නිරුවත් මළ සිරුරු කොළඹ පුරා හමු වෙයි. ඔවුන්ගේ රුධිරය ධරණීතලය පොඟවමින් තිබිණ ආත්ම, යුක්තිය ඉල්ලමින් පරිසරය සිසාරා මොර දෙමින් තිබිණ.ඉදින්, මේ යක්ෂයාගේ හෝරාව නොවන්නේද?විලියම්ස් ඉස්පැක්ටර් සමඟින් පුවත්පත් වාර්තාකරු ෆ්රැන්සිස් අබිරහසේ පැටලුම් අතර සැරිසරති. නමුත් ඝාතකයා හමුවෙයිද?
ඉතිහාසය නැවත නැවතත් එකම ලෙසින් ලියවෙයි. වීරයෝ තැනෙති දුෂ්ටයෝ තැනෙති. මහා පාවාදීම් සිදු වෙයි.එකල්හි, ශුද්ධවන්තයෝ, සිංහලයාගේ භූමිය වෙනුවෙන් සටන් කරති. ඔවුහු අරගල කරන්නෝය කැරලි ගසන්නෝය; සිංහලයාගෙන් උදුරාගත් භූමියේ අයිතිය වෙනුවෙන් විරුවන් තනන්නෝය සටන් කරන්නෝය.
ඔවුන් තම මාතෘ භූමියේ අයිතිය නැවත දිනා ගනීද?මෙකී අඳුරු කාල පරිච්ඡේදය පිළිබඳ ලියැවුණු කඩදාසි දවා හළුකර දමා ඇත. කාලයාගේ ඇවෑමෙන් සැඟවී ගියා වූත් බලහත්කාරයෙන් මකා දමන ලද්දා වූත් ලාංකේය ඉතිහාසයේ අඳුරුතම කාල පරිච්ඡේදයේ කතන්දරය මෙයයි.ඉදින්, මේ එකම එක සාක්ෂියයි.
Out of stock








Reviews
There are no reviews yet.