Thewani Nagitima – තෙවැනි නැගිටීම
රු765.00
හැටේ දශකයේ පළමු පුවත්පත් සඟරා අතරින් මතු වී එන කවියකු ලෙස දකින්නට ලැබුණ වදාකඩ නවරත්නයන් ක්ෂේත්‍රයේ දැවැන්තයකු වන්නට වැඩිකල් ගත නොවීය. ප්‍රබුද්ධ කාව්‍ය නිර්මාණ කරුවකු මෙන්ම දක්ෂ ගිටිවන කවියෙක් ලෙස ද ප්‍රසිද්ධියට පත්විය. ලේඛන කලාවට ඔහු පිවිසෙන්නේ වෘත්තීය පුවත්පත් කලාවට පිවිසීමත් සමඟය. ඔහු පුවත්පත් කලාවට පිවිසෙන යුගය රට ත්‍රස්ත දේශපාලන භීෂණයෙන් පිරුණ යුගයක් විය. ඒ පසුතලය තුළම ගවේෂණාත්මක වාර්තා කරණයෙහි යෙදුන ඔහුට ඒ තුළම අත්ත්දැකීම් සම්භාරයකින් පිරෙන්නට හැකි විය. ඔහු පොත් ලියන්නට වූයේ ඒ අත්දැකීම් සමගය. ඔහුගේ ලේඛන කලාව වඩාත් තීව්‍ර වූයේ ඒ නිසාම යැයි මට සිතේ.
වදාකඩ ඒ කාලයේ ලංකාදීපයට ලියූ ” භීෂණයේ දින පොත ” ඇඟ කිලි පොළවන ලිපි පෙළකි. එදා පාඨකයන් එම ලිපි කියැවූයේ පත්තරය හංගාගෙන බව අපි දනිමු. ප්‍රසිද්ධියේ බලන්නට පවා බිය වූයේ රාජ්‍ය භිෂණය ඉදිරියේ ය. ඒත් ඒවා ලියන්නට වදාකඩ බිය වූයේ නැත. අපි දන්න වදාකඩ නවරත්නයන්ගේ ලේඛන ඉතිහාසය එයයි.
ඔහු පොත් ලියන්නේ ද ඒ අත්දැකීම් ඔස්සේය. ඔහුගේ ” වවුල් කැලේ තීන්දුව ” පොතද එවැන්නකි. ඔහුගේ පැන තුවක්කුවට වෙඩි උණ්ඩයට බයවුණේ නැත. දුප්පත්කම නැති කරන හැටි සොයා ගිය විමුක්තිකාමියා දුටු ” තෙවැනි නැගිටීම ” පොත ද විමුක්තිකාමයෙන් උසිගැන්වුණ පරපුරු පදනම් කරගෙන ලියන දුර්ලභ ගනයේ සමාජ කතාවකි.







Reviews
There are no reviews yet.