Keheli.lk

10% OFF

Therani Ktha – තෙරණි කතා

රු684.00

ගාමිණී සුමනසේකර  වනාහි නිරවදය– ව්‍යක්ත – නිර්මාණාත්මක භාෂා භාවිතයෙහි සාමාර්ථ්‍යය දක්වන වත්මන් වෘත්තීය මාධ්‍යවේදීන් දෙතුන් දෙනාගෙන් කෙනෙකි. ඔහු කවර ආරූඪ නාමයකින් සිය පුවත්පතෙහි පෙහී සිටිය ද භාෂා ශෛලිය විසින් ඔහුගේ අනත්‍යතාව නිරාවරණය කරනු ලබන්නේය. ‘සුමේධ’ යන ආරූඪ නාමයෙන් ගාමිණී දිවයින ඉරිදා සංග්‍රහයේ සියපතඅතිරේකයට ලියූ ‘තෙරණි කථා ගැන ද කිව හැක්කේ එයමය. ඔහු’ සුගාර’ වන්නට හැදුවත් ‘සුමේධ’ වන්නට හැදුවත් ඒ නම් ගාමිණී ම බව පාඨකයෝ දනිත්.

 සූත්‍ර පිටකයෙහි ඛුද්දක නිකායට අයත් ථෙරි ගාථා පංතිය. සංවේදී ඇත්ත වුන්ගේ හදවත් සසල කරන්නේය. නිර්මාණ ශක්තිය ඇත්ත වුන්ගේ පරිකල්පන ශක්තිය පුබුදු වන්නේය. ගාමිණී සුමනසේකරයන් අතින් තෙරණි කතා නිර්මාණාත්මක ලෙස ප්‍රතිකථනය වන්නේ ද එබැවිනි. ථෙරි ගාථාවක අඩංගු ඉතා ලුහුඬු පුවතක් සුමනසේකරයන් ප්‍රති-කථනය කරනුයේ ප්‍රශස්ත නිර්මාණ-කරුවකුගේ ප්‍රතිභා ප්‍රභාව විදහා දක්වමිනි. මේ ‘ තෙරණි කථා’ පංක්තිය කියවීමෙන් ප්‍රබුද්ධ පාඨකයා අප්‍රමාණ ආස්වාදයක් විඳිනු නිරනුමානය.

Reviews

There are no reviews yet.

Be the first to review “Therani Ktha – තෙරණි කතා”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat