Suwata nidanne – සුවට නිදන්නේ
රු1,360.00
“පාල. මිතුම් අඬගැසුවේය.
හරි හරි… මම ඔයාලාගේ ගෙදර නවතින්නම එන්නම්… අනේ ප්ලීස්… ප්ලීස්… ප්ලීස්… අදට විතරක් ඉන්න දෙන්නකෝ ඊළගට තමාව වාහනයට දමා ගන්නා ලෙසට පාලට අණ කරන බව දැන සිටි සාරා පින්සෙණ්ඩු වූවාය.
“පුංචි හාමූ…” පාල මිතුම් වෙතට ආවේය. මිතුම් බැලුවේ සාරා දෙසයි.
“අනේ… මිතුම්…” ඇය දෑසට කඳුළු පුරවා ගෙන වාහනයේ දොරට බර දී මිතුම් වෙතට ළං වූවාය.
“හැට හතර දාන්නේ නැතුව නඟිනවා… නැත්නම් දන්නවානේ වෙන දේ” මිතුම් ඇය දෙස බලාගෙනම කීවේය.
මම දුවලා ගිහින් හැංගෙනවා” හිතුවක්කාර ලෙස පැවසූ ඇය යටි ඇසින් ඔහු දෙස බැලුවාය.
“අනේ… මම හෙට උදේ සැලුන් එකකටත් ඔෆ් එක දැම්මා… හෙට අපේ ඉස්කෝලේ ෆන් එකක්…බොරු නම් අහන්නකෝ… ඔයාගේ පප්පා එන්නේ” ඇය රිය දොර මත තිබූ ඔහුගේ අතේ නියතුඩින් රේඛා අදිමින් කීවාය. “පප්පා නෙවෙයි මමයි හෙට එන්නේ මිතුම් කීවේය. “මොකක්…” සාරා දෑස් නළලට ගත්තාය.










Reviews
There are no reviews yet.