Keheli.lk

10% OFF

Sundara podihami-සුන්දර පොඩිහාමි

රු387.00

ටොන් ටොන් ටොන් හඬ කනට ළං වෙද්දී සිරිදාසගේ පපුව ගැහෙන්නා සේ විය. ඔහු මඳක් ඉදිරියට ගොස් නතර වී ළං වෙන රෝද පුටුවට අත තිබ්බේය. තරුරුණ කාන්තාව පුදුමයෙන් ඔහු දෙස බැලුවා ය.

චාලට්. ඔහු අමාරුවෙන් මුව විවර කර වචන පිට කළේ ය.

මං දැක්කා මේ සීයා ඉස්සර වෙලන් අපි දිහා බලනවා.

කටකාර පුංචි දැරිය පෙර චාලට් මය

පහත් කරගත් හිසින් යුතුව සිටි චාලට් හිස ඔසවා බැලුවා ය. ඇගේ වත මලානික ය.

චාලට්. සිරිදාසගේ දෑසින් කඳුළු කැට ගංගාවන් මෙන් ගලා හැලෙන්නට විය

සිරිදාස මේ. ඔයා ද? අනේ මට සමාවෙන්න. එයාලා මාව පිටරට ගෙණිහින් හිර කෙරුවා. ඇ ගොන ගැසුවා ය

ඈගේ දිරා ගියා සුරත ඔහු වෙතට යොමු විය. සිරිදාස අවසන් වරට ඇගේ අත තදින් අල්ලා ඇයට සමුදුන්නේ ය.

එයා ජිවත් වෙලා නියෙන්නේ සතුටින් නෙවෙයි. මොනව කරන්න ද? අපි ලබා උපන් හැටි මැරෙන්න ඉස්සර වෙලා එයා මට අවශ්‍ය කරන බෙහෙත ලබා දුන්නා ඒක මගෙ හිතට සැකසීමක් රෝද පුටුව හෙමින් හෙමින් ඉදිරියට ඇදෙද්දී පිටු පසින් ගිය දඟකාර දැරිය ආපසු හැරී අහම්බෙන් හඳුනාගත් සීයාට අතවැනුවා ය. සිරිදාස යළින් වරක් යොවුන් චාලට් දුටුවේ ය. ඔහු අත වනමින් පෙරට පය තබා රෝද පුටුව නොපෙනී යන තෙන් ම දැස් දල්වාගෙන සිටියේය .

ලබා උපන් හැටි.

Reviews

There are no reviews yet.

Be the first to review “Sundara podihami-සුන්දර පොඩිහාමි”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat