Keheli.lk

10% OFF

Sudu sarasili siruwen-සුදු සැරසිලි සීරුවෙන්

රු333.00

ඔය දකුණු පැත්තේ බොරලු පාරට හරවල වාහනේ නවත්තනවා කෝප්‍රල්.”

නිලධාරීයා නැවතත් ගෙරෙව්වේ ය.

වාහනයකට යාමට තරම් සුදුසු නොවූ මගකට හරවා රථය නතර විය. එයින් පිට පැමිණියේ උරහිස මත තරු පැලඳු නිලධාරීයා පමණකි.

“තමුසෙලා කිසි කෙනෙක් එන්න ඕන නෑ මම තනියම ගිහින් එන්නම්.

දීර්ඝ සුසුමක් හෙළා ඔහු මාර්ගය දිගේ ගමන ආරම්භ කළේය.

ගම්මානයේ පුරුදු සුවඳ නාස්පුඩු අතරින් දැනෙන්නට වුවද පෙනුමින් නම් ඒදාට වඩා වෙනස්කම් සිදු වී ඇතැයි ඔහුට එක් මොහොතක සිතිණි. කාරණා කීපයක් හේතුවෙන් එහි සිරිය විඳීමටවත් මඳකට නොනැවතුණ නිලධාරියා පා ගමඟින්ම ගොස් නැවතුනේ උණ ලී හරස් කරන ලද කඩුල්ලක් ළඟ ය. ඔහු ඊට නුදුරෙන් වත්ත ඇතුළට වන්නට තිබූ වරිච්චි බිත්ති සහිත කුඩා නිවස දෙස දෑස දල්වා මඳ වේලාවක් බලා සිටියේ එහි යනවාද නැතිනම් ආපසු හැරෙනවාද යන්න තීරණය කර ගැනීමට නොහැකි වූ බැවිනි. දිරා ගිය කඩුල්ලේ උණ ලීයක් ඇද වත්තට ඇතුල් වීමට යාමේදී ඔහුගේ අත අසළින්ම උණ ලීය කැඩී ගියේ එකවරම එය කඩුල්ලට පටලා තිබු කාදුවෙන් පැන බිම පතිත වීම නිසාය.

Reviews

There are no reviews yet.

Be the first to review “Sudu sarasili siruwen-සුදු සැරසිලි සීරුවෙන්”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat